11

193 56 55
                                    

"මං කැමති නෑ කූ ඔයා දුකින් ඉන්නවට. ඒත් ඔයා හිතනවට වඩා අපිට නැතිවෙන්න දේවල් තියෙනවා කූ. අපි අකමැති වුනත් අපිට අතහරින්න වෙනවා ඒ දේවල්...

...සමහර දේවල් අයිතියක් නැතුවම අයිති කරගත්තම ගොඩක් අය විදවනවා. මං කැමති නෑ කූ ඔයාට එහෙම වෙනවට. දවසක පසුතැවෙන්න වෙන දෙයක් කරන්න එපා කූ. ඔයාට පේනවාට වඩා දෙයක් ඔයා වටේ හැමවෙලේම වෙනවා කියන දේ විශ්වාස කරන්න."




මං ජින් හියුන්ග් ගැන කියව්වම ඒක සමහරවිට ඡායාවක් විතරක් වෙන්න ඇති කිව්ව හියුන්ග් මට කිව්වෙ ඒක අමතක කරන්න කියලා.




ඒත් මං යුනිවර්සිටි යන්න ලෑස්තිවෙන්න ආයෙත් මගේ කාමරේට යන්න හදනකොට මගේ අතින් අල්ලගත්ත හියුන්ග් කිව්ව වචන තාමත් මගේ ඔලුවෙ දෝංකාර දෙනවා වගේ.




ඒත් මට තේරෙන්නෑ.




මං දන්නවා ඒ වචන වල ලොකු තේරුමක් තියෙනවා මං දන්නෙ නැති. මොකද හියුන්ග් ආවට ගියාට ඔහොම දෙයක් කියන්නෑ.




ඒත් ඇයි මට මුකුත් තේරෙන්නෙ නැත්තෙ.


මොකක්ද මේ වෙන්නෙ.




"ජේකේ!!"




දාහක් දේවල් කල්පනා කර කර ෆැකල්ටි එකට යන පාරෙ ඇවිදගෙන ආව මම නැවතුනේ ජැක්සන්ගේ කටහඬට.




"ආහ්?"




කටහඬට ආව පැත්ත බැලුව මම දැක්කෙ නෝටිස් බෝඩ් එක ලග පිරිලා ඉන්න ලමයි අස්සෙ ඉදන් මට අත වනන ජැක්සන්ව.




මාත් ඒ පැත්තට ඇවිදගෙන ගියේ මෙච්චර ලමයි ඉන්නෙ මොකක් හරි ලොකු හේතුවක් නිසා කියලා මටත් තේරුණ නිසා.




මං ලගට එද්දි කට්ටියම මට ඉඩ දුන්න නිසා මාත් කෙලින්ම ගිහින් ජැක්සන් ලගින් හිටගෙනම නෝටිස් බෝඩ් එක දිහා බැලුවා.




බැලුව සැනින් මාව වෙව්ලලා ගියේ නෑ කිව්වොත් බොරු.




මේක වෙන්න බෑ.




කොහොමටවත් මේක වෙන්න බෑ.




මගේ නම ඉස්සරහින් 2nd Place කියලා තියෙන එකෙන් වෙන්න පුලුවන් නරකම දේත් හිතන ගමන් මම ඇස් අරන් ගියේ නෝටිස් බෝඩ් එකේ ගහලා තියෙන Best Business Project of The Year Competition එකේ රිසාල්ට් ෂීට් එකේ පහලට.




NYCTOPHILE | JikookWhere stories live. Discover now