'ඔයාට පුළුවන් මිනුකගේ එහා කාමරෙන් නිදාගන්න.' තාත්තා අයියාව මගේ කාමරය එහා පස තිබූ කාමරයට කැඳවාගෙන ගියේය.
'මොනවා හරි ඕන වුණොත් මිනුකට කතා කරන්නත් පුළුවන්නේ?' අම්මා සතුටින් පවසද්දී මම ඇස් යටින් අයියා දෙස බලා සිටියෙමි.
ඔහුගේ දෑස කොළ පැහැ වූ අතර එහි රැඳී තිබුණේ අමුතු ආකාරයක හැඟීම් ගොන්නකි. උස් හා දිගු වූ තියුණු නාසය යටින් තිබූ සිහින් දෙතොල රෝස පැහැ වූ අතර තියුණු නිකට සහ කැපී පෙනෙන හකු ඇට දෙස නොබලා සිටීම කළ නොහැක්කක් ලෙස මට හැඟිණි.
'ග්‍රාහකයක් ඉන්නවද?' මම ඇසුවෙමි.
අයියා ඇහිබැමක් ඔසවා මා දෙස බැලුවේය. මම කට කොණකින් සිනාසුණු විට තාත්තා මා දෙසත් අයියා දෙසත් බැලුවේ වදයට පත් බැල්මකින් යුතුවයි.
'අනුජය බද්ධ කරන්නේ ග්‍රාහකයක් එක්කනේ..' මම පැහැදිළි කළෙමි. 'මම ඇහුවේ ඔයාට ග්‍රාහකයක් ඉන්නවද කියලා.'
තාත්තා දෙසත් අම්මා දෙසත් මාරුවෙන් මාරුවට බැලූ අයියා සාහසික සිනහවක් දෙතොල් මතින් ඇඳ ගත්තේය. 'තාම නෑ. ඒ ගැන හිතන්න තාම පොඩි වැඩියි කියලා හිතුණා. පස්සේ බැරියෑ ලංකාවෙන් ලස්සන ග්‍රාහකයක් හොයාගන්න.'
මම දෙවුර අකුළා මගේ කාමරයට ගොස් දොර වසාගත්තෙමි. දැන් මට සහෝදරයෙක් සිටිනවා යන්න මට විශ්වාස කළ නොහැකි විය. අවුරුදු දහඅටක් තනිම සිටි මට එක්වරම සහෝදරයෙක් පහළව සිටියි.
'ඒකත් හරි ඉතින්.' මම මටම මතුරා ගන්නා අතරේ බෑගයෙන් ගණන් පොත් රැගෙන මේසය මතින් තැබුවෙමි. මතකයේ රඳවා ගැනීමට බොහෝ දේ තිබූ හෙයින් මම සිටියේ ආතතියෙනි. මට වුවමනා වූයේ දිනයක් දෙකක් හොඳින් නිදාගැනීමටයි. නමුත් ඉගෙන ගන්නවාට වඩා එහා දෙයකින් මට ඉදිරියට යෑමට මගක්ද නොතිබූ හෙයින් මම මුහුණ සෝදාගෙන මේසය ඉදිරිපසින් හිඳගත්තෙමි.
මම එක්වරම තිගැස්සී දොර දෙස බැලුවේ දොර විවර කරගෙන අම්මා හා තාත්තා දෙදෙනා කාමරයට පැමිණි බව දුටු විටයි.
'මිනුක..' තාත්තා මගේ හිස මෘදුව අත ගා මා ඇමතුවේය.
'හ්ම්?'
YOU ARE READING
නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]
Romanceමිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එකක් දාපු කොල්ලෙක්. ඉස්කෝලේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන්. කොටින්ම කිව්වොත් ගැම්මට පපුව කෙලින් තියාගෙන...