(38)

301 58 6
                                    

" දිහස් පුතා "
අසල්වැසි නිවසේ කාන්තාව දිහස්ගේ කම්මුලට සෙමෙන් තට්ටු කරන්න වුනා.

" ම්හ්......"
දිහස් සෙමෙන් කෙදිරිගා දෑස් ඇරියා.

" පුතේ , නැගිටින්න පුලුවන්ද ? "
කාන්තාව දිහස්ගේ ඔලුව අතගාන්න වුනා.

කෙදිරිල්ලක් පිටකල දිහස් සෙමෙන් කෙලින්වුනා. දිහස් සිටියේ ඇද මත වැතිරයි.

" මේ මනුස්සයට මොන පිස්සුවක් වෙලාද මේ නොදරුවට තඩිබෑවේ....."
අස්ල්වැසි කාන්තාව කෑගහනකොට ඈ පිටුපස සිටි ඇගේ දියණිය කතා කරන්න වුනා.

" අම්මේ....මේක දිහස් අයියට දෙන්නකෝ "
ඇය අත තබා සිටි දුම් දමන කොප්පය ඇගේ මව අත තැබිය.

" පුතා මේක බොන්නකෝ..... " කාන්තාව දිහස්ගේ තොල් වලට කොප්පය ලන්කරා.

දිහස්ගේ උගුරෙන් පහලට යන තිත්ත කසාය වල කටුක රහ මැකි ගියේ පියා පහරදුන් හැටි මතක් වූ නිසයි.

" මන් මේ දූව ක්ලාස් එක්ක ගිහින් ගෙදර ආවා විතරයි. නැන්දා දුවන් ඇවිත්  කිව්වා  විස්තරේ...... පව් නැන්දා හොදටම බය වෙලා හිටියේ.... "
අසල්වැසි කාන්තාව එසේ කියමින් අළුවස්සට හේත්තුවී පපුවට අතතබාගෙන කදුලුසලන දිහස්ගේ මිත්තනිය දෙස බැලිය.

" අපි ගිහින් එන්නම් පුතේ...... අපි තාම ඇදුම් මාරු කරගත්තෙත් නෑ......මොනාහරි ඕනවුනොත් නැන්දේ වැට ළගට ඇවිත් කියන්න මන් සුටුස් ගාලා එන්නම් "
එකදිගට කියන් ගිය කාන්තාව නැගිටගත්තා.

" න්...නැන්දේ... "
කාන්තාව යන විට අමාරුවෙන් වචනයක් දිහස් කතා කලා.

" ඇයි පුතේ "

" මට........ටිකකට පොන් එක දෙන්න පුලුවන්ද ? "


















.......................

" තමුසේ හදන්නේ මගේ අහිංසකයගේ ජිවිතේ විනාස කරන්නද !! "
දිහස්ගේ අම්මා දෑසේ කදුලු පුරවන් කෑගැසුවා.

" තොට දැන්ද ළමයි මතක් වුනේ ? , ගියා නම් රිංගපු දිහාවකම ඉන්නැතිව මොකෝ ආවේ....... !! "

පියා සිටින්නේ බීමතින් , තවමත් ඔහු අත විදුරු බෝතලය ඇත.

දිහස්ගේ වෙහෙසකර මුහුණේ කලකිරීම හොදින්ම පේන්න තියෙනවා. දිහස්ට කරන්න තිබ්බ අවසාන දේ අම්මට කතා කරන එක , ඒ කතා කරලා හැමදේම කියලා තමන්ව බේරගන්න කියලා ඉල්ලන එක......

One Day ( BL) (Onhold )Where stories live. Discover now