0️⃣5️⃣ දිගහැරුම

394 58 5
                                    

" Damn it ! ඒක තිරණය කරන්නේ මං නිශේදී ..... නැතුව ඔය කවුරුත් නෙවේ, දන්නවානේ මං කොහොමද තීරණ ගන්නේ කියලා "


මහින්සගේ හිත පැටලුන නුල් බෝලයක් වගේ..
එකපාරටම මේ වෙන දේවල් ඒ හිතටත් බර වැඩී,

*********




#මහින්ස

හිතේ තිබුන කේන්තියට ජංගම දුරකථන විසි කරන්න ගියත් සෙහන්ස ඒක අතට ගත්තේ ඔහු ඉන්නේ මොකක් නමුත් කේන්තියකින් කියලා දන්න නිසා...

" මොකෝ අද දෙන්නාට වැඩ නැද්ද ? "

ඒ සාජන් ගඟනගේ හඩ


" ආ..නැ සර් අද ලොකු වැඩක් නෑ.."



" ම්..එහෙනම් ටිකක් රෙස්ට් එකේ ඉන්නකෝ "





" ආ..මේ සර්, ! "




" ඔව් කියන්න සෙහන්ස ?? "



" මේජර් සර් නැද්ද ..... මේ දවස් දෙකේ දැක්කේ ම නැ "


මහින්ස ඇස් ඉස්සුවේ ඒ පැනයට...
මහින්ස දන්නවා තමා වෙනුවෙනුයි සෙහන්ස ඒ පැනය විමසුවේ කියලා


" ආ.. සර්ට හදිසියේම ගෙදර යන්න වුනානේ, සර් පෙරේදා රෑම ගියා ඒක නිසා "


" ඇ..යි සර්ට කරදරයක්වත්ද ? "

ඒක මං ඇහුවා නෙවේ, මටත් කලින් මට නොදැනීම අහන්න පෙලඹුනා කීවොත් හරි..


" නැ කියන්න බැ ..... සර්ගේ බබා අසනිප වෙලා හදිසියේම "


" ම්..මො..ක..ක් ද? "

ඒක ඇත්තක් ද ?
මට ඇහුන විදිහ.. සර්ට බබෙක්,
මොහොතකට උඩට ගත් හුස්ම ටික පහලට දාන්නත් මට අමතක වෙන්න ඇති,
ඇස් වලින් එළියට පනින්න පොර බදින කදුළු මං හරි අමාරුවෙන් පාලනය කර ගත්තේ ........

අරුත් නොදන්න බැඳීමක් තම හිතේ ඔහු නමින් දළු ලැවේ ඔහු දුටු මොහොතේමයි...
තනිවම තම සිතින් ඔහු හා ගොඩනැගි ලෝකය අසුරු සැනකින් සුන් වී ගියා නොවෙද..

ඉතින් දැන් වැරදි කවුරුන්ද ?
විවාහක ඔහුද ..... නැත්නම් කිසිත් නොදැන, ඔහුටත් රහසේ තනිවම ඔහුට පෙම් බැදි තමාද..?

මගේ ගත සිත මට අවනත නැ වගේ දැනෙද්දි .....තවත් එතන ඉන්න හයියක් මට තිබුණේ නැ...
පියවි සිහිය ලද පලමු තත්පරේම මං එතනින් ආවේ පිස්සුවෙන් වගේ..

තමත් ඔහු කියන්නේ හීනයක් කියලා හිත පිළිගන්න සුදානම් නැ..

' නැ.. නැ.. ඒක බොරුවක් ..... ඒ..ක බො..රු..ව..ක්
දෙයියනේ කේශ්වර සර් ඒක බොරුවක් නේද ? '

මං එහෙම ඇහුවත් ඒකට උත්තර දෙන්න සර් මං ළඟ නැ..
අඩුම මාව ඇහෙන මානෙකවත් සර් නැ...
_____________

" මහියා... ! "


" මහියාහ් !!! න|ව|ත්|ත|ප|න් ය|කෝ| ඔය වැඩේ !! "


දැතින්ම හිස කෙස් අදිමින් බිම වැතිර ඉන්න මහින්සට සෙහන්ස කෑ ගැහුවේ බැරිම තැනයි..
ඔහු දන්නවා තම මිතුරා මෙසේ හැසිරෙන්න හේතුව..


" ඇ..යි සෙ..හා ඇයි ?? අහ්..! "

සෙහන්සගෙන් ලද අතුල් පහර මහින්සව මදකට සංසුන් කරන්න සමත් විය..

" උ|ඹ| ට පි|ස්| සු ද මහින්ස "

එක දෙක කදුළු කැට ඒ දැස් වලින් ගිලිහෙද්දි .....
මට ඕනි වුනේ නැ සෙහංසගෙන් ඒවා හංගන්න , ඔනි වුනේ එහෙම හරි හිතේ බර නිදහස් වෙන්න.


" පි| ස්|සෙ| ක් වගේ දුවගෙන ආවේ මොන ය|කෙ|ක් වැහිලද මහින්ස "



කොච්චර ඇහුවත් දෙන්න උත්තරයක් මං ළඟ නැ...
සෙහන්ස මාව දන්නවා නම් මගේ කදුළුවල ඒ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙන්න ඇති .


" හ්ම්.. මං දන්නවා උ|ඹ කේශ්වර සර්ට ආදරය කරනවා කියලා , සර් ඉස්සරහ ඔය දිලිසෙන ඇස් ඒකට හොද සාක්ෂියක් බං... "

" මං දන්නේ නැ... උ|ඹ කේශ්වර සර්ගෙන් දිශාන්ව හොයනව ද කියලා , "



" නැ... නැ.. ඒක එහෙම නැ "

ඇත්තටම දිශාන් කියන්නේ මගේ අතීතය ,
ඒත් සර්ගෙන් මං එයාව හොයන්නේ නැ..


" විස්වාසයි ද මහින්ස ඒ ගැන "




" සෙහන්ස මට.... ම..ට ගෙදර යන්න ඕනි , තවත් මට මෙහෙ ඉන්න ඕනි නැ සෙහන්ස , ප්ලීස් මාව ගෙදර ය|ව|ප| න් "


" පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව සම්පුර්ණ කතාව අහලා හි|ට|ප|න් මහින්ස , ඒ කරලා තිරණය ක|ර|ප|න් "

සම්පුර්ණ කතාව.....
තවත් මං මොනවද දැන ගන්න ඕනි..


" මේ අහනවා මහියා... තමුන් කතාවේ පොඩ්ඩක් අහලා ගාල කඩාගත්තු හරකා වගේ ආවට ඒ ඇහුනට වඩා කතාව සම්පුර්ණ වෙනස් "




🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....

| © Yąʂɧ.....✍️
09/18

අමාවක සඳ 🌙 ( Temporarily holded ) Where stories live. Discover now