ආයිමත් දවසක..11

947 166 10
                                    

ආයිමත් දවසක...11

විශාල්ගෙ ඇස් වල තිබ්බ ඒ ප්‍රශ්නා‍ර්තකාරී බැල්ම ටිකෙන් ටික නැති වෙලා ඒ ඇස් වල කියාගන්න බැරි තරම් දුකක් පිරෙන්න ගද්දි යශිරට මොකක් කරන්නද කියල හිතාගන්න බැරි උනා...
ඒ ඇස් වල තියන වේදනාව යශිරට කොයි තරම් දැනුනද කියනවනම් එයාගෙ කකුල් පන නැති වෙලා වගේ යශිරට දැනුනෙ ...

විශාල්ට ඇදෙන් බැහැල දගලල කරල අඩල එයාගෙ දුක පිට කරන්න බැරි කමට එයා පන නැතුව ඇද උඩ කරන් වැටිල ඉන්නව දකිද්දි යශිරට පුලුවන් උනේ විශාල්ගෙ ඇද ලගට ගිහිල්ල විශාල්ගෙ අතකින් අල්ල ගන්න එක විතරයි...

යශිර විශාල්ගෙ අතකින් අල්ල ගනිද්දි මෙච්චර වෙලා තිබ්බ දුක හිතෙන බැල්ම තවත් වැඩි වෙලා විශාල්ගෙ කටින් ඇඩුමක් පිට වෙද්දි යශිර මෙච්චර වෙලා ඇස් වල හිර කරන් ඉදපු කදුලු පිටතට වැටෙන්න ගත්තා....

" යශ්.... මගෙ අනූට මොකද බන් උනේ එයා කොහොමද අපිව දාල ගියෙ... අනික මට මොකද උනේ... "

විශාල් ඇස් වල කදුලු යටින් අහද්දි යශිර යන්තම් උගුර පාද ගත්ත කත කරන්න ඒත් ඒ එක්කම බිනර කතා කරන්න ගත්තා..

" ඔයාල එදා අනුරාධපුරයේ ගියා නේද පොඩී..."

බිනර කියද්දි විශාල් එයා දිහා බැලුවෙ යශිරගෙන් ඇස් අහකට අරන්...

"ඒ ගිහිල්ල ඔයාල ආයි කොලබ එනකොට ඔයාලගෙ කාර් එක ඇක්සිඩන්ට් උනා මල්ලි.. ඒකෙන්... ඒකෙන්....."

"කාර් ... එක ඇක්සිඩන්ට් උනා... එතකොට ඒකෙන්ද.. ඒකෙන්ද අනූ නැති උනේ... දෙයියනේ..මම නිසයි මේ ඔක්කොම ... මමයි මගෙ අනූව මරාගත්තේ.."

එක පාරටම විශාල් කෑ ගහල ආයි අඩන්න ගද්දි යශිරට කියාගන්න දෙයක් හිතාගන්න බැරි උනා..

කාර් එක එදා අරන් ඇවිල්ල තිබ්බෙ විශාල්.. අනික කාර් එක ඇක්සිඩන්ට් වෙන වෙලේ විශාල් විතරයි සීට් බෙල්ට් දාල ඉදල තිබ්බෙ ඒක  නිසාමයි විශාල්ට බේරිලා තිබ්බෙ ඒත් යශිර වත් බිනර වත් කවදාවත් හිතුවෙ නෑ ඇක්සිඩන්ට් එක උන එකට විශාල් මේ විදිහට එයාටම වරද පටව ගනීවි කියලා...

...........................................................

" මල්ලි මේ අහන්න ඔයාගෙ වරදක් නෑ කාර් එකේ බ්‍රේක් වල අවුලක් තිබිල තියනවා..."

ආයිමත් දවසක .Where stories live. Discover now