(41)

314 52 15
                                    

කලින් කොටසකුත් පාන්දර වෙන්න වගේ දැම්මා.

..........................................

දිහස්ගේ කටහඩ අහලා සතියක් පුරා අවීන් දිහස්ව හෙව්වා. කිසි ආරංචියක් නොතියම එයා කොහෙද ගිහින් කියලා අවීන්ට හිතුනා.

මේ කාලයේදි අවීන්ගේ නිවසේ රැදි සිටින පියාගේ සහෝදරියගේ දියණිය අවීන්ට කරදර කරන්න අරන් තිබුනා.

ඇය තනිව සිටින්න කැමති , කාවවත් නුරුස්සන කොටින්ම අවින්ගේ කාබන් කොපියක් වගේ චරිතයක් වුනත් දෙන්නට දෙන්නා අතර වැඩි කතාබහක් නොතිබුනා.

" අවීන්..... ! මට තමුසේ එක්ක කතා කරන්න ඕන..."

" මට පාඩුවේ ඉන්න දීපන් , කතා කරන්න තරන් මූඩ් එකක් මට නෑ බන් "
එදිනත් සුපුරුදු පරිදි අවින් ගෙරෙව්වා.

ඉන්පස්සේ ඔරවන් ගිහින් තමන්ගේ ඇදට පැන්නා.

අවීන් ඇස් පියන් නිසොල්මන්ව හිටියේ ඇය යයි කියලා හිතලා.

" හලෝ අහසි අපි කතා කරමුද ? "
අවීන් එකපාරම ඇස් ඇරියේ එයාට ඇහුණ කරහඩට ,

අවින් ඇදෙන් පැනලා අහසි නැත්තන් තමන්ගේ ඥාති සහෝදරිය ලගින් වෙව්ලන දෙපයින් හිටගත්තා.

" මියු....... ද "
නෑසෙන ගාන්ට අහන කොට අහසි ඔලුව වැනුවා.

" මේ ළග කාලෙක ඉදන් මන් පුරුදු වුනා එයාගේ ෆෝන් කෝල් රෙකෝඩ් කරන්න...... "
අහසි කිව්වා.

" ඇයි ? "
අවින්ගේ වෙව්ලන හඩ දිහා බලන් අහසි තමන්ගේ දුරකතන මත ස්පර්ශ කලා.

" හලෝ අහසි අපි කතා කරමුද ? "

" කියන්න "

අහසිගේ කටහඩත් එක්ක දැඩි නිහඩතාවක්.........

සුලුවෙලාවකින් ඉකිගසන හඩත් එක්ක අවීන්ගේ හිත රිදෙන්න වුනා. තවමත් රේකෝඩරය ක්‍රියාත්මකයි.

" කෙල්ලේ මොකද මේ....... "

" මම්......මට.......බැරි වුනා.......අහසි......මට බැරි වුනා බේරෙන්න. "
මියුමි දිගටම අඩන හඩ අවීන්ගේ කන් තුල දෝන්කාර දෙන්න වුනා.

" මන් මේ ඔක්කොටම මුල පැහැදිලි කරන්නම් "
අහසි කිව්වේ දුරකතනය පසෙකින් තියලා
...........................

One Day ( BL) (Onhold )Where stories live. Discover now