(43)

316 54 15
                                    

මැයි ගහ නිසා අව්ව නොදැනුනත් දැන් හොදටම දවල් වෙලා තිබ්බා.

දිහස් නිසා අවින්ගේ කමිස උරහිස හොදටම තෙත් වෙලා. දිහස්ගේ හිසකේ අතරින් අවීන්ගේ දිග ඇගිලි එහෙමෙහේ යනවා.

" අඩන්න එපා දැන් "
අවින් කියනගමන් දිහස්ව සනසන්න බැලුවා.

දිහස් දෙපාරක් තුන්පාරක් කතා කරන්න ගියත් එයාට කතා කරගන්න තරන් ශක්තියක් නෑ. මියුමි කියන්නේ එයාට ලැබුන හොදම යාළුවා. එයාට වුන දේ ඇහුවම දිහස්ට දැනුනේ මරාගෙන මැරෙන්න.

" අර කාලකණ්ණියව මන් මරණවා. "
දිහස් අමාරුවෙන් කිව්වා.

" එයාට දඩුවම් ලැබුනා...... "

අවීන් දිහස්ගේ හිස අත ගෑවා.

ඇස් පනාපිට සාක්ශි ලැබුන නිසා මියුමිගේ මවගේ අනියම් පෙම්වතාව බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන්න අවීන්ලට පුලුවන් වුනා .

බරපතල වැඩ සහිතව අධික දුක් විදි ඔහු එක්දිනක සිදුවු අත්වැරදීමක් හේතුවෙන් බරෙති ගල් කුට්ටියක් ඔහුගේ කොන්ද මතට කඩා වැටිනි.

එයින් සුසුම්නාවට බරපතල හානි වී  පණනැති වුනා.  තම පිරිසිදු වීම කරගැනිමට නොහැකි තත්වයක පත් ව සිටින කොට ඔහු ඉන්න සිරකුටියෙන් වෙනත් තැනකට මාරු කලේ අනෙක් සිරකරුවන්ට ඔහු කරදරයක් වන නිසයි.  

ඒ විදියට කුඩා අපිරිසිදු මුල්ලකට වී ඉර එළියක්වත් නොදැක ඔහේ උඩ බලන් සිටින්නට ඔහුට සිදුවුනා.

අඩුම තම ඇගට වසන මැස්සන් මදුරුවන් පළවාහැරගන්නවත් පනක් ඔහුට තිබුනේ නෑ.

අවසාන මොහොතේ වතුර උගුරක් දීමටවත් කෙනෙක් නැතිව තම මළපහ ගොඩේම ඔහේ වැතිර මැරිලායන්නට ඔහුට සිදුවුනා.

මියුමිගේ මවගේ තත්වයත් සෝචනීයයි.
මියුමිගේ මරණයට තමන් වක්‍රව දායකවුනා කියා දැනුන ඇය දැඩි කම්පනයකින් වෙලි ගියා.

ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වුන ඇය ටිකෙන් ටික බංකොලොත්බාවයට යමින් තිබුනා.

ඇය සමහර දිනක මියුමිව හිතින් මවන් ඇය හා කතා කරන්න වුනේ කාලයත් එක්ක ඇය මානසික රෝගියෙක් වන බව පෙන්වමින්.

One Day ( BL) (Onhold )Where stories live. Discover now