ආයිමත් දවසක 12

1K 156 15
                                    

ආයිමත් දවසක....12

එක පාරටම කාර් එක නවත්තපු නිසා යශිර ගැස්සුනා...ඒ ගැස්මත් එක්ක එයා කාර් එකේ දිහා බලද්දි කාර් එකේ ඉස්සරහ ජනේලෙ වීදුරුව පාත් වෙනව යශිර දැක්කා..

" යශිර..කොහෙද මිනිහො යන්නෙ.. නගිනව කාර් එකට...."

කේන්තියෙන් පිරුනු බිනරගෙ කටහඩ යශිරට ඇහෙද්දි යශිර මොකුත්ම නොකිය කාර් එකේ දොර ඇරගෙන කාර් එකට නැග්ගා...

.................................................................

" තමුසෙගෙ ෆෝන් එකට මක් වෙලාද...."

බිනරගෙ කේන්තිය නිවුන නැති කටහඩ යශිරට ඇහෙද්දි එයා මෙච්චර වෙලා අඩල බැරන්ඩි උන කටහඩින් කතා කරන්න ගත්තා...

" මො...මොකුත් නැහැ අයියෙ..."

"එහෙනම් කෝල් ආන්සර් නොකරෙ මොකද මිනිහො...අරෙහෙන් හරිදුත් බයවෙලා... මන් කොච්චර කෝල් ගත්තද...ඇයි ආන්සර් කරන්න බැරි..."

බිනර කාර් එක වේගෙන් අරන් යන ගමන් යශිරට බනිනවා..

" අයියෙ විශාල්ද කොහොමද..."

බිනරගෙ ප්‍රශ්නෙට උත්තර දෙනව වෙනුවට යශිර ආයි අහද්දි එක පාරටම බිනර කාර් එක පාරෙ පැත්තටක කපල නැවැත්තුවා ...

" අනික් මිනිස්සු ගැන වදවෙන්න කලින් තමුසෙ තමුන් ගැන වදවෙනවා...අනික විශාල් ගැන බලනව වගේම අපි ගැනත් පොඩ්ඩක් හිතනව.. තමුන් එක පාටරම එහෙ මෙහෙ අතුරුදහන් වෙද්දි අපි කොච්චර බය වෙනව කියල තමුන්ට හිතන්න බැරිද."

බිනර සද්දෙන් බනින්න පටන් ගද්දි එක පාරටම යශිර ඒකට ගැස්සිලා ගියා..මොකද කවදාවත් බිනර යශිරට එහෙම කතා කරල තිබ්බෙ නෑ...

හිතේ මෙච්චර වෙලා තිබ්බ දුක ආයිමත් ඒ වචන එක්ක එලියට පනිද්දි යශිරට ඇස් වලින් වැටෙන කදුලු නවත්තගන්න පුලුවන් උනේ නෑ...

යශිරගෙ ඇස් වලින් වැටෙන කදුලු දකිද්දිම බිනරට කියන්න ගිය එක අමතක වෙලා ගියා...
ඒ ඇස් වලින් පේන ඒ දුකින් පිරුනු හැගීම් බිනරගෙ පපුවම රිද්දද්දි බිනර කාර් එකේ ඩ්‍රයිවින් වීල් එකට හයියෙන් අතින් එකක් ගහල කාර් එකේ පිටිපස්සට හොදට හේත්තු වෙලා ඔලුව තියාගෙන එක අතක් අරගෙන එකාගෙ ඇස් වැහෙන විදිහට කවර් කරගත්තා...

ආයිමත් දවසක .Where stories live. Discover now