කඳුළැලි - 58

993 153 20
                                    

'අයියේ!' ඒ මෙහන්සා කෑ ගසන හඬයි. මම අඩ නින්දෙන් අවදිව මද වේලාවක් ඇඳ මත හිඳගෙන හිස් බැල්මකින් අවකාශය දෙස බලා සිටියෙමි.

'අයියේ!' එවර නම් මම ඇගේ විලාපයෙන් තිගැස්සී අවදි වූයෙමි.

ඇය හඬන හඬ ඇසුණේ ඇගේ කාමරයෙන් නොවන බව වටහා ගැනීමට මට මද වේලාවක් ගත විය. පහළ මාලයේ මුළුතැන්ගෙයි දල්වා තිබූ කහ පැහැ ආලෝකයෙන් ඇය සිටින්නේ මුළුතැන්ගෙයි බව වටහා ගත් මම බිත්තිය අල්ලාගෙන නොවැටී සිටින්නට උත්සාහා කරමින් පහළ මාලයට දිව ගියෙමි.

පහළ මාලයේ විසිත්ත කාමරයේ පුටුවක තාත්තා හා ඔහුගේ පෙම්වතා හිඳගෙන සිටියහ. ඔවුන් දෙදෙනාම අඩ නිරුවතින් සිටි අතර තාත්තාගේ උකුළ මත තිබුණේ බඳ පටියයි. මට සිදු වූ දෙය වටහා ගැනීමට තත්පර දෙකක් ගත විය. ඔවුන් නැවතත් වරක් මෙහන්සාට පහර දී ඇති බව මට වටහා ගත හැකි විය.

මුළුතැන්ගෙයි කොණක ශීතකරණය අසල මෙහන්සා ගුලි වී සිටියාය. ඇගේ දෑත් හා දෙපා රුධිරයෙන් නැහැවී තිබුණු අතර ඇය සිටියේ නිරුවතිනි. මගේ හදවත අවුලා නැගුණු කෝපය දරා ගැනීමට මට නොහැකි විය. මම නැවත වතාවක් උඩු මහළට දිව ගොස් පොරවනයක් රැගෙන විත් මෙහන්සාගේ සිරුර වැසෙන සේ පොරවාලූයෙමි.

ඒ වන විට මෙහන්සා එකොළොස් හැවිරිදි විය. ඇය සිරුරින් නොවැඩී සිටියත් ඇගේ අවුල් වූ කෙස් කළඹට වැසුණු මුහුණු යන්තමින් මුහුකුරා ගොස් තිබිණි.

'මොකද වුණේ?' මම ඇයව මගේ සිරුරට මෘදුව තුරුළු කරගනිමින් විමසුවෙමි.

'මම නිදා..' මෙහන්සා ඉකි ගසන්නීය. 'නිදාාගන හිටියේ.'

'තාත්තා ඇවිත්.. පහළට ඇදගෙන ආවා...' ඇය හැඬුම නතර කරගන්නට උත්සාහා කරමින් පවසන විට මට දැනුණේ දරාගත නොහැකි කෝපයකි.

සෑම දිනකම මෙසේ සිදුවන මුත් මට කිසි දිනක ඊට විරුද්ධව සටන් කිරීමට අවැසි ශක්තියක් ලැබුණේ නම් නැත. ඒ පසෙක ලූ විට මම සටන් කිරීම පිළිබඳව මෙහන්සා දැක්වූයේ බියකි.

'රිදෙනවා අයියේ..' මෙහන්සා මගේ පපුවේ ඇගේ හිස සඟවා ගත්තාය. මම කිසිවක් නොකියා ඇගේ හිස මෘදුව පිරිමැද්දෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now