1️⃣0️⃣ වන දිගහැරුම

472 60 12
                                    

" ආ මහත්තයෝ මේ තේක බිලා හිටියනම් ... දැන් ලොකුමහත්තයත් මඟ එනවා ඇති මයේ හිතේ "



" මේ මහත්තයත් අපේ ලොකු මහත්තයා එක්ක වැඩ කරන කෙනෙක් වෙන්ටැති නේ ? "



" මට මහත්තයා කියන්න එපා අම්මේ.. මං මහින්ස, කැමතිනම් මට පුතා කියලා කතා කරන්න මැගි අම්මේ "

මහින්ස කේශ්වර කතා කරන නමින්ම ඈ ඇමතුවේ ඈ ඊට සුදුසු නිසාවෙන් ......

" අනේ එහෙම කොහොමද ? "


" අනික මං කේශ්වර සර් වැඩ කරන තැන නෙවේ, මං ජර්නලිස්ට් කෙනෙක් පොඩ් වැඩසටහනක් හින්ද තමා එහේ ගියේ "



" අනේ මං හිතුවේ අර ඟගන මහත්තයා වගේ අපේ ලොකු මහත්තයා වැඩ කරන තැන කෙනෙක් කියලා ,
මේ හිටියට අපේ ලොකු මහත්තයා ගෙදරට කවුරුත් එක්කගෙන ඇවිත් නැ මීට කලින් , කලාතුරකින් හරි ආවේ ගියේ ගඟන මහත්තයා විතරයි "


" ආ... සර්ව මං කලින් ඉදන් දන්නවා "



" ඒක තමා, මහත්තයා එහෙනම් වාඩි වෙලා හිටින්ටකෝ "

යන්තමට ඊට හිස වැනු මහින්ස නිවස ඉදිරිපස දොර විවෘත කලේ කල්පනාබරිතවයි ...

ඉදින් ඔහුට තමා විශේෂ වුවාද..?
ආගන්තුකයෙක් ⁣පහසුවෙන් ගෙන්වා නොගන්නා ඔහු නිවසට දැනටමත් තමා රැගෙනවිත් නොවෙද ?

පිළිතුර මෙයැයි කිව නොහැකි  ප්‍රශ්න රැසක් හිත අස්සේ තෙරපෙද්දී  මහින්සගේ දෙනෙත් යොමු වී තිබුණේ  වැසී ගිය කළු පැහැ ප්‍රධාන ගේට්ටු ද්වාර දෙසයි...

කුමන හෝ වේලාවක ඒ රුව ඉන් මතු විය හැක..

සම්පුර්ණයෙන් උදුපියලිය අවරණය වු නිවස අවට වටපිටාව දකින්නෙකුට   ඇතුලත මෙන්න පිටත පෙනුමත් පහන් හැගිමක් ඇති කරනවා නොවනුමානයි .....
තවමත්  උදැසන පිණි වියැකි නොතිබූ උදුපියලි මත තම නග්න දෙපා තැබු  මහින්සට පාද හරහා ආ ඒ සිසිල මුළු ශරිරයම සිසිල් කරනා මෙන් දැනේනන විය..

තවත් ඒ දෑස් ප්‍රධාන ගේට්ටුව වෙත එල්ලව තිබියදී පසු පසින් ඇසුන කුඩා බිළිදෙකුගේ හඬ නිසා වෙන් ඒ දැස් ඉන් මිදිනි..

අමාවක සඳ 🌙 ( Temporarily holded ) Where stories live. Discover now