...11nth...

394 106 35
                                    

White star line නැව් සමාගමට අයත් ටයිටැනික් නෞකාව තමන්ගේ ප්‍රථම නාවික ගමන යන්න බලාගෙන සවුත්හැම්ටන් වරායේ නැංගුරම් දාලා තිබුනා..   ඒ 1912 අප්‍රේල් දහවෙනිදා... අත්ලාන්තික් සාගරය දෙසින් සෞම්‍ය සුලං රැලි  හමාගෙන ආවා... වෙලාව උදේ හත පහුවෙලා මිනිත්තු කිහිපයක් වුනා... වේගෙන් තොල් හපන ගමන්, උස කඩවසම් අමුත්තා ඉස්සරහ ජන්කුක් හිටගෙන හිටියා.... 

"නැව දවල් දොලහට ගමන පටන් ගන්නවා මිස්ටර් ජන්කුක්!! තේහයුන් ඊට කලින් අනිවාරෙන් ම ඒවී,  මේ තියෙන්නේ ඔයාගේ ප්‍රවේශ පත්‍රය..  තේහයුන් ගේ එක මම එයාට දෙන්නම්,  ඔයා දැන් ඇතුලට යන්න.... ගිහින් විවේක ගන්න...!!"

"ඒත්...ආහ්..ම් මිස්ටර්..."

"නම්ජූන්!!  නම්ජූන් කිම්!! බයවෙන්න එපා තේහයුන් අනිවාර්යෙන්ම එනවා..."

සුහද හිනාවකින් ජන්කුක් ගේ උරහිසට තට්ටු කරලා නම්ජූන් කිව්වා....

"ස්තූතියි හෙයොන්ග්!! "

ජන්කුක් නම්ජූන් ව වැලදගෙන කිව්වා...

"සුබ ගමන් ජන්කුක්!! ඉක්මනින් නැවට නගින්න, එතකොට ඔයා පරිස්සම්!!"

ජන්කුක් ගේ උරහිසට තට්ටු කරලා නම්ජූන් කිව්වා... ජන්කුක් ඔලුව නවලා ආචාර කරලා නම්ජූන් ට සමු දුන්නා....

නම්ජූන් ජන්කුක් ට දුන්නේ පලවෙනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක්.... නම්ජූන්   එයාගේ  බිරිදත් එක්ක  මධුසමය ගත කරන්න  ඇමරිකාවට යන්න සූදානම් කර ගත්ත ප්‍රවේශ පත්‍ර දෙක තමයි තේහයුන්  වෙනුවෙන් දීලා තිබුනේ...  ජන්කුක් හෙමින් නැව ඇතුලට ඇවිදගන ගිහින් තමන්ට වෙන් වුන කැබින් එකට ගිහින් ගමන් මල්ල තියලා ආපහු නැව් තට්ටුව උඩට ආවා....

ජන්කුක් දැක්කා නම්ජූන් නොඉවසිල්ලෙන් එහා මෙහා ඇවිදින ගමන් වරායට ඇතුල් වෙන මාර්ගය දිහා බලාගෙන ඉන්න හැටි....

වෙලාව එකොලයි තිහයි... තේහයුන් ගේ සේයාවක් වත් පේන්න තිබුනේ නෑ....ජන්කුක් හිටියේ නොඉවසිල්ලෙන්.... නැව පිටත් වෙන්න සූදානම්  බව ඇගවෙන පලවෙනි නලා හඬ නිකුත් වුනා... ජන්කුක් වගේම නම්ජූනුත් කලබල වුනා.... වෙලාව එකොලයි හතලිස් පහයි.... දෙවෙනි නලා හඬ නිකුත් වුනා.... ඒත් එක්කම ජන්කුක් දැක්කා ඈතින් දුවගෙන එන තේහයුන් ව.... නම්ජූන් ලග මොහොතකට නැවතිලා මොනවා හරි කියපු තේහයුන් ඉක්මනින් නැවට සම්බන්ධ පාලම ලගට දුවගෙන ආවා.... තුන් වෙනි නලාවත් ඔය අතරේ නාද වුනා... ජන්කුක් කලබලෙන් බලාගෙන හිටියා.... තේහයුන්ගේ පිටිපස්සෙන්ම තවත් තරුණයෙක් දුවගෙන එන විදිය ජන්කුක් දැක්කා,  ඒත් ජන්කුක් ට ඕන වුනේ තේහයුන් නැවට ගොඩ වුනාද කියලා දැනගන්න විතරයි....

[𝚃𝙷𝙴 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝚂𝚝𝚘𝚛𝚢 𝙾𝚏 𝚃𝙸𝚃𝙰𝙽𝙸𝙲] 𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒𝑑✓✓ {𝗧𝗞}Where stories live. Discover now