Part 12:- කේන්තිය....

305 64 7
                                    


''අනේ දරුවෝ ඔයාගේ ගගා දැන් මේ වෙලාවේ කෝපි බොන්නේ නෑ..කොහොමත් ඔය දෙන්න මුනට මුණ හම්බුනොත් එදාට දෙන්නම කන්නේ බොන්නේ නෑ..ඒ තරම් වයිරයි...මොනවා බෙදාගන්න බැරුව රණ්ඩු වෙනවද කියල මට නම් තේරෙන්නේ නෑ.''

*************************************************************

''ශාන්...දරුවෝ.....එන්න......කන්නේ නැද්ද පුතේ.....''

මම කාමරේට වෙලා කල්පනාවේ ඉන්නකොට grand ma ගේ කෑ ගැසීමත් එක්ක මේ ලෝකෙට අයම ආවා...

''යිබෝ එක්කම එන්න පුතේ කන්න....''

''හරි grand maa....''

මම ගගා ගේ කාමරේ දොර ලගට ගිහිල්ල එයාගේ දොරට හෙමිට තට්ටු කළා...

''ගගා...කන්න යමු පහලට...එන්න....''

''මට බඩගිනි නෑ....''

''එන්නකෝ ගගා...යමු....grand maa කතා කරනවා....''

''මට බඩගිනි නෑ කිව්වනේ තමුසේ ගිහිල්ල කනවා...''

මම හෙමිට පහලට ඇවිල්ල කන්න පටන් ගත්ත....එත් එක්කම වගේ පහලට ආව ගගා යතුරත් කරක කරක යන්න ගියා,...

''යිබෝ කන්නේ නැද්ද දරුවෝ...''

''එපා grand maa..මම යනවා...''

ඇස් කොනෙන් විතරක් මම දිහාට බැල්මක් හෙලපු ගගා bike එකට නැගල වේගෙන් ඉගිල්ලුනේ මගේ හිතත් රිද්දගේනමයි...චුට්ටක් නෙමෙයි මගේ හිතට ලොකුම ලොකු වේදනාවක් දැනුනේ එයා මාව නොසලකා ඇරපු නිසාද වෙන දෙයක් නිසාද කියන්න මට නොතෙරෙනකොට එහෙම වෙන්නත් ප්‍රදානම හේතුව මම නේද කියල මතක් වෙනකොට මගේ ඇස් වලින් මටත් නොදැනිම කදුළු උනලා තිබුණා ...

''මට ඇති grand maa.මගේ ඔලුව රිදෙනවා..මම ටිකක් නිදාගන්න යනවා.....''

''නින්ද යනකම් ඔලුව අතගාන්නද දරුවෝ...උන ගන්නද දන්නේ නෑ...බෙහෙත් ගන්න යමුද...රට වෙනස් උන නිසා වෙන්නත් ඇති පුතේ...''

''නිදාගත්තම අඩු වෙයි grand maa..මම යන්නම්....''

ගගා ගැනම හිත හිත මම ඇදට වැටුනත් මගේ හිතේ සැරින් සැරේ ගගා ඉස්සර මාත් එක්ක හිටපු විදිහ මතකෙට එන්න ගත්තා....

කා එක්ක වත් කතා නොකරපු ගගා ට මම විතරයි හිටපු එකම යාළුවා උනෙත් සහෝදරයා උනෙත්....පන්තියේ උනත් කිසිම යාලුවෙක් එයාට හිටියේ නෑ..ටිකක් හරි එයා හිනා උනේ මම එක්ක විතරයි...හැම දේම එයා මට කියල දුන්න.මම තමයි ඒ මුකුත් එයාගෙන් අහගන්න උවමනාවක් කලේ නැත්තේ.....මාව හැම වරදකින්ම එයා බේරලා දුන්න උනත් අන්තිමට කෙල්ලක් නිසා මම එයාව ඈත් කරලා දැම්ම....හැම දෙකටම මම එයාට චෝදනා කරනකොට එයාගේ හිත රිදෙන්න ඇති...ඒ හැම දේම උනේ එයා නිසා කියල කියද්දී එයාගේ හිත පැලෙන්න තරම් වේදනාවක් දැනෙන්න ඇති....එයා අසම උනේ A/L වලට bio කරලා medicine යන්න වෙනකොට ඒ හැම දෙයක්ම මම නිසා එයා අත ඇරලා අන්තිමට art කළා....එයා හැමදාම කලේ මගේ පිටිපස්සෙන් ඉදල මාව රැකපු එක විතරක්ම වෙනකොට අන්තිමට මම එයාව දැක්කේ මගේ හීන විනාස කරන්න ආව හතුරෙක් විදිහට...අන්තිමට එයාම මගේ හැම හීනයක්ම අරගෙන දීල ඈත් වෙනකොට ආශානිත් අද මට ලැබිල තියනකොට මගේ ගගා මගෙන් දුරස් වෙලා තිබුනා....ඉස්සර එයාට යාලුවෝ හිටියේ නැති උනාට දැන් එයාට හතුරොත් ඉන්නවා....ඉස්සර කෙල්ලෙක් දිහා වත් නොබලපු ගග ට දැන් අයිතිවාසිකම් කියන්න ගොඩක් ය ඉන්නවා...ඉස්සර මම නිසාම පාඩුවේ පැත්තකට වෙලා මාව රැක රැක හිටපු ගගා ට දැන් මම ගැන හොයන්න වත් ඕනේ කමක් නැති වෙනකොට මම දන්නෙවත් නැති තරමට එයා පුදුම විදිහට dancing වලට දක්ෂ වෙලා.....ඒ තරම් මම දැන් එයාගේ dance එකට වශී වෙලා...එහෙම වශී උනත් අද මට ඉස්සර වගේ රණ්ඩු වෙන්න හරි මගේ ගගා ලගට යන්න බැරි වෙලා...එයාට තුරුල් වෙන්න බැරි වෙලා.....අපි දෙන්න ඒ තරම් දුරස් වෙලා දැන්...නෑ..ඇත්තම දේ මම මගේ ගගා ව මගෙන් දුරස් කරවා ගත්තා....දැන් ගගා යන්නේ එයම හදාගත්ත පාරක..ඒ පාරේ මට යන්න ඉඩක් නෑ දැන්....

My lovely bro...Tempat cerita menjadi hidup. Temukan sekarang