14 කොටස

858 62 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼14 කොටස🌼

"ඔයා...??ඔයා ඇයි මෙහෙ?"

නේශාගේ කටහඬ වෙව්ලන්නට විය.ඒ ඇය බලාපොරොත්තු නොවූ රුව නිසාය.පැමිණ සිටියේ අන් අයෙක් නොව කලක් නේශාගේ ප්‍රාණ සම මිතුරියක්ව සිටි චලනිය.

"මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ නේශා"

දේවින්ද මෙන්ම චලනිටද අවශ්‍ය ඇය සමඟ කතා කිරීමටය.නමුත් කතාබහ කර විසඳා ගැනීමට දෙයක් දැන් නේශාට නැත.ඒ හැම හමුවීමකින් පසුවම රිදෙන්නේ ඇගේ සිතය.පිළිතුරක් දීමට පෙරම නේශාට බැලුනේ චලනිගේ කුස දෙසය.ඇගේ දෙනෙත් ගමන් කරනා ඉසව්ව චලනිටද වැටහුණෙන් ඇය සිය සුරත කුස මතට ගෙන ආවාය.

"දැන් මාස තුනයි"

චලනි සෙමින් මුමුණද්දී නේශා කෙළ පිඬක් ගිල්ලාය.දේවින්දගෙන් ඈත් වී තවමත් ගත වූයේ මාසයක් වැනි කාලයකි.එසේ නම් ඊට පෙරා මාස දෙකකට පෙර දේවින්දත් චලනිත් එකතු වී ඇයව රවටන්නට පටන් ගත් බව සිහිවෙද්දී ඇයට දැනුණේ වෙව්ලීමකි.

"ඔයාට මොනාද කතා කරන්න තියෙන්නෙ?"

නේශා ඇසුවේ නිමේෂයකට පසුවය.චලනි මඳකට වටපිට බලන්නට විය.චලනි සමඟ ආ ඇගේ මිතුරියක්ව නේශා දුටුවේ එවිටය.

"දේවින්ද ගැන..."

"මට එයා ගැන කතා කරන්න දෙයක් නෑ"

නේශා පැවසුවේ එක එල්ලේය.එහි සියුම් කෝපයක් ගැබ්ව තිබුණි.

"ඊටත් වඩා මේ බඩේ ඉන්න දරුවා ගැන..."

නේශා සිය කෝපය සඟවාගත්තාය.චලනිගේ හඬෙහි වූ අසරණබව ඇගේ සිත මදකට මෙල්ල කළේය.පෙර දිනයක තමාට බැණ වදිමින් චලනි එවා තිබූ පණිවිඩය නේශාගේ මතකයෙන් ඒ වෙද්දී ගිලිහී තිබුණි.

"මට පොඩි වෙලාවයි ඕනෙ.ප්ලීස් නේශා...අපේ යාලුකම් ගැන හිතලවත්"

නේශාට සිනහවක් නැඟුනේ මුව අගිනි.ඇය පවසන්නේ කුමනාකාරයේ මිතුරුකමක් ගැනද?සිය ආදරවන්තයා සමඟින් යහන්ගත වූ ඇය නම් අපූරුම යෙහෙළියකි.මීටත් වඩා මේ ගැන කතා කිරීමට දෙයක් ඇයට නොතිබුණි.චලනිව ගණන් නොගෙන ඇය ඇතුළට යාමට හැරුනේ එනිසාය.නමුත් චලනි ඇගේ අතකින් අල්ලාගත්තේ හනිකටය.

සසර පුරා - Until Where stories live. Discover now