1️⃣9️⃣ වන දිගහැරුම ❃

327 50 10
                                    


#මහින්ස

අතරින් පතර තියන කොළයක් හැරෙන්න ,
වසන්නයට සැරසෙන්න ගස් ...කොළ හලලා දාලා තිබුනා ....
තව ටික දවසකින් ලස්සන වසන්තයකට ගස් දළු දාලා අළුත් වෙයි... සීතල අතීතය ගස් වලට අමතක වේවී.
ඒත් මහින්සගේ ජීවිතය ....
ආයිම වසන්තයක් ඒවීද ?? .... කේශ්වර නැති වසන්තයක් !

මහින්සගේ ජිවිතේ උන්නු එකම වසන්තය ඔහු නේද  මහින්ස ?
ඉදින් ඔහු නැති ජිවිතේට කුමන වසන්තයක්ද ??

යන්තමට මීදුම බාන පරිසරයේ...
ඔහුගේ ඇස් එක්කම හිතත් කොහොදා් අතරමං වෙලා...
කොල්ලා එළියට ඇවිත් දැන් පැය කීයක්නම් ද ?
මැගී අම්මා විටින් විට ඇවිත් බලලා යන්නේ ඈටත් ඉවසුම් නැති හින්ද...
ඈ දන්නවා කොල්ලා මෙහෙම උන්නට කොල්ලගේ හිත දසදහසක්වාරයක් මැරි මැරි ඉපදෙන වග..
මහින්ස කිව්ව විදියට ඔහුගේ පියා නිසයි මේ හැමදේම ..

නමුත් දුක් විඳින්නේ අසරණ ඔහු වෙද්දී ... මැගී අම්මටත් බැ ඔහුට දොස් කියන්න ...

ධනුක අද වේලාසන ගෙදර ආවේ මවගේ ඉල්ලීම නිසයි...
ඔහුගේ වාහන නිවසට ඇතුළු වන ශබ්දයටවත් කිසි ප්‍රතිචාරයක් නොදක්වා ලොකු කල්පනාවක ගිලි ඉන්න ආගන්තුක තරුණයා ගැන ඔහුට ඇතිවුණේ කුකුසක් ...

තව එක බැල්මක් ඔහු වෙතට හෙලු ධනුක නිවසට ගොඩ විය.....

" මචන්...! මෙන්න මේක අම්මා දෙන්න කිව්වා "

කල්පනාවට තිත තබමින් මහින්ස හැරුණේ හඩට,
මග් දිගු කරමින් හුන් තරුණයා දෙසට නෙත් හෙලු ඔහු ඔහුගේ න් එය ගත්තේ ඉදවුන් තැනින් නැගිමින්....

" ආ.... මං ධනුක, අම්මා මට විස්තරය කිවා "



" ම්.. මං ආදිත්‍ය ! "

මහින්ස කිව්වා නොව කියවුනාය...

" හැමදේම හරියයි බං, ඕනැවට වඩා කල්පනා කරන්න එපා...උ|ඹ|ත් වැටුනොත් අර පොඩි එකාට කවුද ඉන්නේ "


හමු වූ පලමු තත්පරේම ලෙංගතු වු මෙම තරුණයා ගැන මහින්සගේ හිතේ තිබුණේ පැහැදිමක්...
ඔහු කියන දේ සෑබැය,
පොඩි එකාට ඉන්නේ තමා විතරයි ... ඔහු නොදන්නා කරුණ නම්,
තමාට ඉන්නේත් පොඩි එකා විතරක්ම බව.......

අමාවක සඳ 🌙 ( Temporarily holded ) Where stories live. Discover now