"ඩොක්ටර් දැන් පේශන්ට කොහොමද?"
ජන්කුක් හදිස්සියෙන් ඩොක්ටර් ගාවට ගිහින් අහනකොටම නෙතුලි එතනට වේගයෙන් දුවගෙන ආවා.
"ඔයාද පේශන්ගේ භාරකාරයා?"
ඩොක්ටර් ජන්කුක් ගෙන් ඇහුවා.
"නෑ මම."
නෙතුලි මැදින් පැනලා ජන්කුක් ව අතින් පස්සට කරන ගමන් කිව්වා.
"ම්ම්ම් මෙහෙමයි මට ඇත්තටම ඔයාලව බය කරන්න ඕන නැහැ. ඒත් සමාවෙන්න මෙහෙම කියන්න වෙනවට.. අපි හිතුවට වඩා තත්වය දරුණු වෙලා. පේශන්ගෙන් ගොඩක් බ්ලඩ් ලීක් වෙලා."
"මම ලේ දෙන්නම්." ජන්කුක් ඉක්මනින් කිව්වා.
"ඇත්තටම සොරි මිස්ටර් මේ පේශන්ට තියෙන්නේ ඕ නෙගටිව් කියන ගොඩක් දුර්ලභ බ්ලඩ් කැටගරි එකක්.. ඇත්තටම මේ වෙනකොට අපි ලග තියෙන ඔක්කොම ඕ නෙගටිව් බ්ලඩ් සාම්පල් ඉවර වෙලා තියෙන්නේ.. අපි දැනටමත් මේ ළග තියෙන හැම හොස්පිටල් එකකටම මේ ගැන කියලා තියෙන්නේ. ඉක්මනින් හම්බ වුණොත් හොදයි මොකද දැනටමත් පේශන්ගේ හුස්ම ගොඩක් හෙමින් වැටෙන්නේ.. අපි හිතමු මේ තත්ත්වය ඉක්මනට හොද වෙයි කියලා."
"ඩො.. ඩොක්ටර් ද්..දිලූට හොද වෙන්නෙ නැති වෙයිද?"
නෙතුලි ඇස් වලින් බේරෙන කදුළු අතින් පිහදාන ගමන් ගොත ගගහා ඇහුවා.
"මේකයි මිස් දැනටමත් අපි ගොඩක් ට්‍රයි කරනවා.. බ්ලඩ් සාම්පල් හම්බ වුණොත් අපිට ඉක්මනට ම හොද කරන්න පුළුවන්.."
"ඩ්.. ඩොක්ටර් ඩොක්ටර් පොඩ්ඩක් කතා කරන්න ඕන.."
එතනට හති දදා දුවගෙන ආපු නර්ස් කෙනෙක් කිව්වා.
"ඔව් කියන්න."
"ඩොක්ටර් මේ දැන් බ්ලඩ් චෙකප් එකක් කරගන්න ආපු ගෑනු කෙනෙක් ට ඕ නෙගටිව් ලේ තියෙනවා."
"වාආආහ් ඇත්තටම යමු යමු ඉක්මනට තවත් පරක්කු නොවී.. නර්ස්, දැන්ම ඒ ගෑනු කෙනාගෙ ඩීටේල්ස් අරගෙන විස්තරය කියලා වැඩේ කන්ෆර්ම් කරගන්න. අනිත් කට්ටිය පුලුවන් තරම් ඉක්මනින් බ්ලඩ් ඩොනේෂන් එකට අවශ්‍ය බඩු අරගෙන වාට්ටුව ලැහැස්ති කරන්න."
ඩොක්ටර් එතන කට්ටියව මෙහෙයවන ගමන් කිව්වා.
"ඔයාලා බය වෙන්න එපා අපි මේක කොහොම හරි පොසිටිව් විදිහට ගොඩ දාමු."
එයා අපේ පැත්තට හැරිලා එහෙම කියලා ඉක්මනට ගිහින් අනිත් කට්ටියට එකතු වුණා.
VOCÊ ESTÁ LENDO
දිලූ✨💜
Fanficහීන තමයි කෙනෙක් ගේ ජීවිතය ලස්සන කරන්නේ, ජීවීතය කට බලාපොරොත්තු ගේන්නේ.. හීනයක් නැති ජීවිතයක් නිකන් අපායක් වගේ... ඉතින් මේ කතාව තමන්ගේ හීනේ හැබෑ කරගත්ත කෙල්ලෙක් ගැන.. Story about a girl who made her dream come true..💜 Just a fanfiction ‼️ My first BT...
