මීදුම් 08

285 37 4
                                    

***
තලෙලු පැහැ සමට ඇගේ ගොතා දැමූ කළු පැහැ වරලස සොබාවික සුන්දරත්වයක් ඇයට දී තිබුණි..නිල්පැහැ දණහිසට පහළ දිගු ගවුමට ඇය ඕනෑවටත් වඩා සුන්දරය..බස් හෝල්ට් එක අසල බසයක් එනතෙක් වාඩි වී සිටින ලවන්‍යා දෙස පිරිමින්ගේ නෙත් වැටී ඇත්තේ ඇය අනෙක් තරුණියන්ට වඩා බෙහෙවින් සුන්දර ගමේ කෙල්ලක නිසාය..."අක්කේ.."තරුණයෙක්ගේ කටහඬ හේතුවෙන් ඇය එදෙස බැලුවාය.."මල්ලී..,මොකද මේ.."ලවන්‍යා හට ප්‍රශ්නයක් පැන නැගුනේ බණ්ඩා මේ වෙලාවේ බස්හෝල්ට් එක අසල කුමක් කරනවද යන්නය..."මං එනගමන් අපූර්වා අක්කා දැක්කා..එයත් මාව දැක්කා..මට එන්න කිව්වා,මං කිව්වා අක්කා දැන් බස් හෝල්ට් එකේ,ඇති එයාවත් අරගෙනම යමු කියලා.."බණ්ඩා පැවසූ දේ අසා ලවන්‍යාගේ දෑස් විසල් වී ගියේය..

"ම්,මේ මම,මම මට මේ දසුනි අක්ක⁣ලයි ගෙදරත් යන්න තියෙනවා,⁣ම් මේ ඉතින් මං බස් එකේම ගිහින් එන්නම්,කියන්න.."

ලවන්‍යාගේ දෑසද විසල් වී ඇහිපිල්ලම් ද ගැසුනේ ඇයට වචනද අමතක කරවමිනි..අත් බෑගයද තමා වෙතටම තද කරගත් ඇය බැලුවේ තමාගේ මල්ලී දෙසය.."එහෙම බැහැනේ,අක්කේ..අපූර්වා අක්කට දුක හිතෙයි,ඒකත් කාලෙකින් ඇවිත් මෙහෙම ඉද්දි.."බණ්ඩාද පරාද නොවන ලෙස ම සිටියේ,කෙසේ හෝ තම සොයුරියව ඇයට මුණගස්සවන්ටය..මන්ද,ඔහු ඉපදෙන්නටත් බොහෝ කලක සිට ඔවුන් දෙදෙනාම හොඳම යෙහෙළියන්ය යන වග ඔහු දැන සි⁣ටියද එතරම්ම අපූර්වා ඇයව හමුවන්නට උත්සහ දරන්නේ මන්ද යන වග ඔහු නොසිතුවේ ඔවුන් යෙහෙළියන් වූ හෙයිනි.....

"කිව්වම,අහන්න,බේබි නෝනාට මං කිව්වදේ කියන්න..එච්චරයි දැන් යන්ඩ,"ලවන්‍යා ස්ථීර ස්වරයෙන්ම එසේ පවසා කෝප ගත් දෑසින් ම එපිටට හැරුණාය.."හා,එහෙනම් මං දන්නේ නැහැ අපූර්වා අක්කගේ හිත රිදුණොත්.."බණ්ඩා එසේ පවසා යාමට සැරසුණද,"අනේ,හිත මහ ගොඩක් රිදෙයිනේ,එහෙනම් මොකටද ගියේ?.."ලවන්‍යා ඇයට⁣ කෝපයෙන් බැන වැදුණාය..

අපූර්වා රථයෙන් බැස ළඟම තිබූ කෑම කඩයේ මිනිසුන් වැඩියෙන් නොගැවසෙන තැනක වාඩි වී බලා සිටියේ,මහා පාර අසල පුංචි දියණියන් දෙදෙනෙකු දෑත් අල්ලාගෙන සිටින දෙසය.."අපිත් එහෙම හිටි⁣යා,නේද ලවන්‍යා.."ඇයගේ දෑස් අග කඳුළු බිඳු එක් වන්නේ තත්පරයෙනි..දෑස් මත ඇදී මැකී යන ⁣ඒ සේයාව දෙස බලා හිඳි ඇය අතීතයේ මතකයක අතරමං විය..

"බේබි,නෝනා,ඔහොම නවතින්නකෝ.."කොණ්ඩය පෝනිටේලයක් දමා ගත් ප⁣හලොස් හැවිරිදි දැරියක් රබර් වත්තේ දුව පනින තවත් ඇයගේ වයසට වඩා අඩුමල් වන දැරියට කෑගෑවාය..."මාව අල්ලගත්තොත්,නවතින්නම්.."දුව පනින විසේකාර දැරියගේ එම වදන් සමඟ අනෙක් දැරියට මහන්සිය සමඟ කෝපයද ඇතිවිය.."මං යනවා ගෙදර.."දැරිය යාමට හැරුණද ඇය තමා නොමැතිව නොයන බව දන්නා අනෙක් දැරිය රබර් ගසක් අසල හැංගී ඇයට සිනාසීය.."අනේ,බේබි නෝනා..මට මහන්සී.."මෙවර නම් ඇය සත්‍යම පැවසුවේ විසේකාර දැරියව ගෙන්වා ගැනීම සඳහාමය...

"යමු,"ඉක්මන් කර ඇය අසලට ආ දැරිය දැනුම්දීමක් නොකරම ඇයගේ දෑත අල්ලා ඇගේ,දෑතේ පටලවා ගත්තද ඇයට මෙන් නොව අනෙක්, දැරියට එය නොරිස්සුම් වූයේ අකමැති නිසා නොව,වලව්⁣වේ නෝනා කෙනෙකු මෙහෙකාරිය⁣කගේ දියණියක මෙසේ අල්ලාගෙන යෑම ⁣සේනක මැණිකේ කෙසේ දකීවිද යන්නටය.."බ්,බේබි න් නෝනා"ඇයට වචනද පැටලී ගියේ තම නෝනාගේ කෝපය පිළිබඳ ඇය අනෙකුටත් වඩා හොඳින්ම අඳුරන බැවිනි..

"ඇයි.."ඇයව ගණනකට නොගෙන ඇගේ අතක් පටලවාගෙන ඉදිරියම බලා⁣ ගමන් කරන ඇය කටහඬ අවදි කළාය.."මේ අත අතෑරියොත් හොඳයි කියලා හිතෙනවා.."ඇය තම අත ලිහිල්,කරනු ඇයට දැනුනද ඇය තම අතැඟිලි තද කළ අල්ලගත්තේ ඇයට නොපෙනී සිනාසීගෙනමය..ඇය කතාව වෙනස් කිරීමට,"මං කවදහරි ගායිකාවක් වෙයිද.."යන්න ඇසුවාය.."ඔව්,අනිවාර්යෙන් බේබි නෝනා ගායිකාවක් වෙනවා,මට විශ්වාසයි..."ඇය සිනහසෙමින් පැවසුවාය..

***
🌼

මීදුම්!Where stories live. Discover now