22 • 𝙻𝚒𝚋𝚛𝚊𝚛𝚢 •

1.4K 187 7
                                        

ජිමින් පන්තියේ වාඩිවෙලා පොතක් බලන ගමන් හිටියේ ලග එන එක්සෑම් එකට කොල්ලා බරටම බැඩ ජිමින් පෑනත් කටේ ගහගෙන පොත දිහා බලාගෙන හිටියා

" ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ගිහින් පොතක් බලාගන්න යුංගි "

කොල්ලා පොත දිහා බලාගෙනම කිව්වේ එයාට එහා පැත්තේ වාඩිවෙලා මේසෙට ඔලුව තියාගෙන බලාගෙන ඉන්න යුංගිට

" මම පාඩමත් කලත් එකයි කියුටි පාඩම් කලත් එකයි "

යුංගි හිනාවක් එක්ක කිව්වාම මෙතෙක් වෙලා පොත කියවමින් හිටපු ජිමින් පෑනත් පොත මතින් තියලා කොල්ලාගේ දිහා බැලුවා

" ඒක මාර කතාවක් නේ ඔලුව උස්සනවා "

ජිමින් කිව්වාම අකමැත්තෙන් තොල් පිට පෙරලගත්ත යුංගි ඔලුව ඉස්සුවා

" මේ ගාන හදන්න.."

ජිමින් ගාන ලියපු කොලයත් පෑනත් යුංගිගේ ඉදිරියෙන් තිබ්බා කොල්ලා ඔලුව පිටිපස්ස කසන ගමන් ජිමින් දිහා බැලුවා

" මොනාද මගේ දිහා බලන්නේ...? ගාන හදන්න "

කොල්ලා කිව්වාම යුංගි පෑනත් අරගෙන ගාන දිහා බලාගෙන හිටියා ගාන දිහා බලාගෙන හිටපු යුංගිට ක්ලාන්තේ වගේ ස්වභාවයක් දැනුනා ජිමින් ඔක්කොම වැඩ පැත්තකින් තියලා යුංගි දිහා බලාගෙන හිටියා මේ වෙනකොට යුංගිගේ මොලේට සමනල් ගැටේ වැටිලා තිබුණේ ගාන කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතාගන්න බැරුව

යුංගි කොලය එක එක පැති වලට හරව හරව බලන දිහා ජිමින් බලාගෙන හිටියේ හිනාවක් එක්ක කොල්ලා ඇස් කොනින් ජිමින් දිහාත් බලනවා ජිමින් දැක්කා

" මෙන්න මෙහේ දෙනවා "

ජිමින් කොලය ඇදලා අරගෙන ගාන හදන්න පටන් ගත්තා කොල්ලා ගාන හදාගෙන යන දිහා යුංගි බලාගෙන හිටියා තත්පර කිහිපයකින් ගාන හදලා අවසන් කරපු ජිමින් පෑන මේසේ උඩින් තිබ්බා ජිමින්ගේ මූන දිහා බලාගෙන ඉන්න යුංගිට කොල්ලා ඇස් වලින් මේසේ උඩ තියෙන කොලය පෙන්නුවා

" උහ්...! මගේ කියුටී දක්ෂයි නේ "

යුංගි හිනාවක් එක්ක කිව්වාම ජිමින්ගේ කොල්ලාගේ ඔලුවට හොද පොල් ටොක්කක් ඇන්නා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Donde viven las historias. Descúbrelo ahora