🌺 අවාරය 33 🌺

2K 319 174
                                    

"අප්..පච්..චි..යෝ ඇයි මේ..උද...ම්ම්...හ්.ම"

යන්තම් පාන්දර 4 .30 පහු වෙලා තියෙද්දී මං ඇවිත් ඉස්සරහා දොර ඇරියේ නිදිගැට කඩ කඩ වෙද්දි මං බලාපොරොත්තු නොවුණ විදිහට දොර ළඟ උන්නේ එයා..බලාපොරොත්තු නොවුණාමයි කියන්නත් බැරි වෙද්දි අන්තිමේ මගෙ හිතේ තිබුණ සැකේ ඔප්පු වෙලා තිබුණා..

පහුගිය දවස් ගාණක් තිස්සේ උදේ පාන්දර එළිය වැටෙන්නත් කලින් මට අපේ ගේ පහුකරගෙන යන එයාගෙ බයික් එකේ සද්දේ ඇහුණා...ගිහිං ටිකකින් ආපහු යන සද්දෙ ඇහුණා..එකවගේ හඩ ආපු බයික් 2ක් තියෙන්න බැරි කමක් නැති උණත් බයික් එක ඒ හැම වතාවේම අපේ ගේ ඉස්සරහා විනාඩි ගාණකට නතර කරලා තිබුණා වෙද්දි මට හිතුණේම ඒ එයාගෙ බයික් එකේ සද්දෙ කියලාමයි...ඒ සැකේ නිසාම අද මං බයික් සද්දේ ගේ පහුකරලා වැව් බන්ට් එකේ උඩහට යනවා ඇහෙද්දීම ඇඳෙන් පැනලා දොර දිහාවට ගියා...ගිහිං ගේ ඇතුලේ ලයිට් නොදාම දොර ළඟ උන්නේ බයික් සද්දේ ගේ ළඟ නතර වෙනවා ඇහෙනකම්...ඒ එයා නොවුණත් දවස ගානේ පාන්දර සක්මන් කරන මනුස්සයා කවුද බලා ගන්න මට ඕන උණා...

අන්තිමේ බයික් එක ගේ ඉස්සරහා නතර කරලා මොහොතකින් දොර ඇරපු මං ඉස්සරහා උන්න එයාව දැක්කම එයා වගේම මමත් ගැස්සුණා වෙද්දි බාගෙට ඇරපු දොර පියන එක අතකින් අල්ලන් අනික් අතින් උලුවස්සත් අල්ලන් මං නිදිමතේම බලන් උන්නා වෙද්දි එයාගෙ ඇස් කබලෙන් මගේ දිහාවටත් ගේ ඇතුල දිහාවටත් ගියා..ගේ ඇතුලටද  බාගෙට ඇරුණ දොර දිහාවටද හිතා ගන්න බැරි වෙද්දි අනිත් තාපරේ එයා දොර පඩියට ගොඩ වෙන ගමන් එක අතක් දොරේ හැන්ඩිල් එක උඩින් තිබුණ මගෙ අත උඩින් තියන ගමන් අනික් අත බෙල්ල පිටිපස්සෙන් තියපු එයා මාවත් එක්කම දොරත් තල්ලු කරන් ඇතුලට ආවා වෙද්දි එහෙම්ම එයා මාව ඇරුණු දොර පියනට තද කරන් තොල් අල්ල ගද්දී මොකුත් හිතා ගන්න බැරිව මං හුස්ම ඇල්ලුවා වෙද්දි හැන්ඩ්ල් එක අල්ලන්  උන්න මගෙ අත අත ඇරපු එයා දොර පියන දිගේ අත උඩට අරන් යන ගමන් තව ටිකක් මගෙ ඇඟට බර උණා...

එදා අප්පච්චි ඇවිත් මාසයකට කිට්ටු කාලයක් ගෙවිලා ගිහිං තිබුණා...එදා පහුවදාම සර් එක්කම හොරණ ගිහිං එයාව මඟ තියලා නෙලීෂා බලන්න හොස්පිට්ල් ගියත් එයාගෙ පපාගෙන් හොඳ කම්මුල් පාරවල් ටිකකුයි...මමාගෙන් අහන්නවත් බැරි තරමේ කතා ටිකකුයි ලැබුණා මිසක් මට නෙලීෂාව නොබලම ආපහු එන්න උණා..ඊට පස්සෙ දවසේ නෙලීෂාට සිහිය ඇවිත් තිබුණා වෙද්දි එයා හොස්පිට්ල් එකෙන් ගෙදර ආව ආරංචියට එයාව බලන්න ගෙදර ගියත් ඒ වතාවේ එයා මාව මුණ ගැහෙන එක ප්‍රතික්ෂේප කරා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️💚 CompleteWhere stories live. Discover now