⚡ - The Chase - ⚡
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Chapter 06
යීබෝ - කොහොමත් තමුන්ට ආයි මට වද දෙන්නවත් මාව දකින්නවත් ලැබෙන්නෙ නෑ... මම මේ රටේ තවත් ඉන්නෙ නෑ... මම මේ අපායෙන් යන්නම යනවා... ආයි නොඑන්නම...
සෝහි වේදනාවෙන් යීබෝ දිහා බලද්දි එක මොහොතකටවත් සෝහි දිහා නොබලපු යීබෝ මහල් නිවාසය දිහාට යන්න උනා.
සෝහි - බෝ... ප්ලීස් බෝ... යන්න එපා...
සෝහි බිම වැටුනු විදිහටම ඉදගෙන යීබොට කෑ ගැහුවත් ඒ හඩට අවදානය නොදුන් යීබෝ මහල් නිවාසයට ඇතුල් වෙලා නොපෙනී ගියා.
***************************
( වර්ථමානය )
තද රස්නයක් දැනුන නිසා යීබෝ හිමින් සීරුවේ ඇස් දෙක ඇරියා. නිදන කාමරයම අන්දකාරයෙන් වැහිල තිබුන නිසා යීබෝ ටේබල් ලෑම්ප් එක ඔන් කරා.
"""අහ්... ඇඳුම් මාරු කරන්නෙත් නැතුවම මට නින්ද ගිහිල්ලනේ..."""
යීබෝ තාම ඉන්නෙ ඔෆිස් ඇඳපු ඇඳුම පිටින්. ඇඳ උඩින් ඉදගත්ත යීබෝ ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා. වෙලාව පාන්දර 12.45 විදිහට සටහන් වෙලා තිබුනා.
තාමත් ෆුල් කිට් එක ඇඳගෙන ඉන්න යීබොට ඉවසගෙන ඉන්න බැරි තරම් රස්නයක් දැනුන නිසා ඉක්මනින් ac එක ඔන් කරලා ටවල් එකත් අරගෙන වොශ් රූම් එකට ගියා.
ඇඳගෙන ඉදපු ඇඳුම් ටික ගලවලා සෝදන රෙදි කූඩයට දාපු යීබෝ ශවර් එක ඇරලා ඔළුවත් එක්කම තෙමෙන්න ශවර් එක යටින් හිටගෙන දිග හුස්මක් පිට කළා.
"""අවුරුදු හතක් ගෙවුනා... වෙන් සාහෝ... මගෙ මමාගෙයි පපාගෙයි මරණයට උබත් වගකියන්න ඕනෙ... මම මැරුනනම් උබට ඒ දේවල් වලට දඩුවම් දෙන්නෙ කවුද... මිනිස් ජීවිත නැති කරන්න තරම් මම උබ වගේ තිරිසනෙක් නෙමෙයි... හැබැයි උබට සතුටින් හිනාවෙවී ඉන්න දෙන්නත් බෑනේ..."""
YOU ARE READING
⚡ The chase ⚡( ✅ )
Fanfiction⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
