Part 4 ~

157 35 17
                                    

" මොකද්ද මෙතැන සිද්ද උනේ රිෆාත්!! "

අදීරා දිහා බලලා කොටකොනෙන් හිනා උන Razia ...ඇයගෙ ප්‍රධාන සෙබළ උන රිෆාත් ගෙන් ප්‍රශ්න කරද්දී අදීරා ඔහු දිහාට දැම්මෙ දරුණු බැල්මක්....හරියට බොරු කීවොතින් උබව මරනවා කියලා වගෙ....හින්දු හින්දුවරුන්ව බේරගන්න හදනවා වගෙ..මූගල්වරුනුත් කරන්න හැදුවේ ඒකම තමා....රිෆාත් හැදුවේ බොරු කියන්න.

" අවශ්‍ය නැහැ...මං දැකපු දේ මං ම කියන්නම් එතකොට ඔබට පුලුවන් වැරද්දකාගෙද , දඩුවම මොකද්ද කියලා තීරණය කරන්න  "

රිෆාත් සෙබළාට කලින් ඉක්මන් උන අදීරා කුමරිය කෙන්තියෙන් වගෙම ආඩම්බරයෙන් කිව්වෙ Razia කුමරිය දිහාවත් නොබලා..

" ම්ම්ම් "

" මූගල්වරුන්ගෙ සෙබළෙක් වුන මොහු මෙ දරුවාට පහර දුන්නා ඒ වගෙම ඇය බිම වැටෙද්දී ඇගෙ පියයුරු ස්පර්ශ කලා!! අනෙක් ඉන්න මෙ මිනිස්සු ඇයගෙ පියයුරු පාගා දැම්මා.... ඉතින් ඒක වැරද්දක් නොවෙද ? ඇය තවම කුඩා දරුවෙක්....ඒය වැරදි...කාන්තාවන්ට මෙහෙම දේවල් වෙන්න මං ඉඩ දෙන්නෙ නැහැ!!  මූගල්වරුන්ගෙ මෙහෙම තිරිසන් ගති තියෙනවා කියලා  ඇහුවාට අද තමා  ඇස් වලින් හරියටම දැකගත්තේ "

අදීරා කුමරිය අත් එහාට මෙහාට යවමින් කියවන දිහා Razia කුමරිය බලාන හිටියෙ හරි ආසාවෙන්. එත් එක්කම Razia කුමරියගෙ කෙන්තිය වැඩි උනෙ මූගල්වරුන් ගැන නොකාඩ්ඩු කියන්න පටන් ගද්දී.....Razia කුමරිය දැක්කා.... හින්දුවරියක් ලග ඒ කුඩා දරුවා සැගවිලා අඩමින් ඉන්නවා....


" නැ...නැහැ රැජිණියනි ....සමාවෙන්න කුමරියනි.....සමාවෙන්න කුමරියනි "

ඒ සෙබළා බිම වැටිලා Razia කුමරියගෙන් සමාව ඉල්ලද්දී අදීරා කුමරිය ඇය දිහා බැලුවා .

" දඩුවම මොකද්ද!!  "

අදීරා නැවතත් කතා කලා.....තරමක් සද්දෙන් . ඒ සද්දේටම හැමොම නිශ්ශබ්ද වෙද්දී අදීරා කුමරිය බිම දණගහාගෙන ඉන්න සෙබළා ලගට ඇවිදන් අවා.....හැමොම නිශ්ශබ්ද ව ඉන්න නිසා අදීරාගෙ පාද සලං වල සද්දය හැමොටම හොදින් ඇහුනා වගෙම Razia ගෙ ඇස් ගියෙ අදීරාගෙ කකුල් වලට.....අදීරාගෙ කකුල් දෙකෙම මෙහෙන්දී වලින් ලස්සන මෝස්තර ඇදලා තිබුණා....

𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Where stories live. Discover now