Chapter 13

42 13 10
                                    

"ගුඩ්මෝනිම් බබාහ්...අද ඔයා මටත් කලින් නැගිටලා.."

"වෙනසකටත් එක්ක මන් කලින් නැගිට්ටා..."

"ම්...මේ වැස්ස නිසා මටනම් නැගිටින්න හිතෙන්නෙම නෑ..ඔයාව මතක් උන නිසා තමා මේම හරි නැගිට්ටේ..."

"ඕමෝ...එච්චර ආදරයක්...!?"

"ඔයා වෙනුවෙන් තමයි රත්තරං..."

"හොදයි හොදයි.."

"ඉතින්..ඔයාලටත් වැස්ස නේද...ඔයා මේ සීතලේ උදේම නැගිටන් මොකද කරන්නේ"

"ඕ...විශේෂ මුකුත් නෑ...නැගිට්ට ගමන් ඔයාට ගුඩ්මෝනිම් කියලා බැල්කනි එකට වෙලා වැස්සේ චුට්ටක් තෙමිලා දැන් ආයේ ඇදට ආවා.."

"ඒයී..වැස්සෙ තෙමෙන්න එපා...ඔයාට සීතල අල්ලලා ලෙඩ වේවී...."

"හනේව්...මන් ආසයි වැහි බිංදුවලට..."

"ඒමෙයි කියලා වැස්සේ තෙමුනම හරිද.."

"😁😁😁"

"වැස්සෙ තෙමුනම සීතල නැද්ද..."

"නෑ...හැබැයි හිරිගඩු පිපෙනවා.මන් ඒ ෆීලීන් එකට ගොඩක් ආසයි.."

"හ්ම් හ්ම්...මන්නම් සීතල වැඩිකමට මේ වෙව්ල වෙව්ල ඉන්නේ...මොනා උනත් ලෙඩ නොවී ඉන්න..."

"ඉතින් ස්වීටර් එකක් ඇන්දේ නැද්ද...හරී ❤️❤️❤️"

"නෑ අනේ..මට ඇදෙන් බහින්න කම්මැලියි"

"යසයි..ඔහොම ඉදලා ඔයා ආයේ ලෙඩ වේවී..ස්වීටර් එකක් ඇදන් අයිස් කැප් එක්කුත් දාගෙන ඔලුවේ ඉදන් ඩුවට් එක පොරව ගන්න..පුලුවන්නම් ඔම්මට කියලා කෝපි එක්කුත් හදන් බොන්න.."

"හ්ම්....ඔයා මන් ලග හිටියනම්..."

"මන් ඔයා ලග නෑනේ..ඒ නිසා හොද ලමයා වගේ ලෙඩනොවී ඉන්න..ඔයා ලෙඩවුනාම ඉක්මනින් හොදවෙන්නේ නෑනේ..."

මිමී කලින් ලෙඩවෙලා හොදවෙන්න කාපු කට්ට මතක් වුන නිසා එහෙම කිව්ව මන් මිමීගෙන් රිප්ලයි එකක් එනකන් බලන් හිටියා...

"කෝ ඔයා..ගියාද..."

"මන් මේ ඔයා කිව්වා වගේ ස්වීටර් එකක් ඇදගන්න ෆෝන් එක පැත්තකින් තියලා ඇදෙම් බැස්සා.."

"අයිස්කැප් එකක් දාගත්තද..."

"ඕ...ඩුවට් එකත් ඔලුවේ ඉදන් පොරවන් ඉන්නේ..."

"ඔම්මා තාම නිදිද..."

"ඕ..ඒත් මේඩ් ඇහැරලා..මන් එයාට කිව්වා මට කෝපි එකක් හදලා දෙන්න කියලා.."

"ම්..ගුඩ් බෝයී..."

"ඔයා නිසා තමයි ලව්...😚❤️"

මිනිත්තු දහයකට පස්සේ ආයෙම මන් එක්ක චැට් කරන්න ගත්තු මිමී එහෙම කියද්දි මට ඉබේම හිනාගියා..

My Authornim //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now