![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඉතින් අද තමයි දවස. අද මගේ වෙඩින් එක. මගේ ජීවිතේ තීරණාත්මක දවසක්. වෙඩින් එක තිබුණෙ අවුට්ඩෝ ෆන්ෂන් එකක් විදියට. වෙඩින් ඩ්‍රෙස් එක ඇදපු මම කල්පනා ලෝකෙට වැටුණා... මම පියවි සිහියට ආවේ තාත්තගෙ කටහඩට.
" අභිශේක "
" තාත්තා.. "
" මම මේ බොහොම හොදින් කියන්නෙ. අන්තිම මොහොතෙ නාඩගම් නටලා කාගෙත් ඉස්සරහා මගේ මූණෙ දැලිගාන්න ලෑස්ති වෙන්න එපා.. තේරුණානේ.. "
" හ්ම්.. "
තාත්තා රූම් එකෙන් පිටවෙලා යද්දි ඒ දිහා බලාගෙන හිටපු මම බර හුස්මක් නිදහස් කරා... මම විනිවිද පේන ජනෙල්ලෙන් ඈත අහස දිහා බලාගෙන කල්පනාවට වැටුණා... මගෙ කවී රටින් පිට වෙනකම් හැමදෙයක්ම මට අල්ලන් ඉන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ.. එහෙමයි කියලා ගිත්මිට වරදක් වෙන්නත් ඉඩ තියන්න බෑ.. ඒත් එක්කම රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආවෙ කොඩිතුවක්කු මාමා.
" පුතා අපි යමුද ? මිස්ටර් සමරදිවාකර ඔයාව එක්කන් එන්න කිව්වා.. "
" මාමේ... කවී... "
" බයවෙන්න එපා.. ඒ දරුවා තව විනාඩි 10කින් මේ රටින් පිටත් වෙනවා.. "
" හ්ම්.. "
නැකත කිට්ටු නිසා කොඩිතුවක්කු මාමා එක්ක මම චාරිත්‍ර කරන තැනට ගියා.. හැමතැනක්ම ෆෙෂ් මල්වලින් වගේම එකේක පාට සැරසිලිවලින් ලස්සනට සරසලා තිබුණා.. වෙඩින් එකට ආපු අයගෙ පවා මූණු හිනාවෙන් පිරිලා තිබුණා.. මගේ ඇරෙන්න.
ටික වෙලාවකින් සේරසිංහ අංකල්ගෙ අතේ එල්ලිලා ගිත්මිත් මම හිටපු තැනට ආවා. බොරු කියන්න ඕන නෑ.. එයා අද ගොඩක් ලස්සනයි. සුදු මලි වැල්වලින් රටාමවපු දිග ගවුමක් ඇදලා , කොණ්ඩෙ පහළට වැටෙන්න දාලා මල්වලින් සරසලා , ක්‍රීම් පාටට මිශ්‍ර ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකියක් අතින් අරගෙන හිටපු ගිත්මි දිහා වෙඩින් එකට ආපු අය ඇස්පිය නොහෙළා බලාගෙන හිටියා..

YOU ARE READING
අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)
Romanceඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️