දවස් ගෙවිලා ගිහින් ඉන්ටර්විව් එක තීන සදුදා දවසත් උදා වුනා...
ලොකු බලාපොරොත්තු නැතිව ඉන්ටර්විව් එකට හොදින් ෆේස් කල මන් සැහැල්ලු හිතින් කම්පැනි එකෙන් එලියට ආවා..
එලියට ආව ගමන් ජින් හියුන්ට කෝල් එකක් ගත්තු මන් හියුන් එක්ක කතාකර කර කාර් පාර්ක් එක පැත්තෙන් බස් හෝල්ට් එක ලගට යමින් ඉද්දි එක සැරේම වේගෙන් ආව නිල්පාට කාර් එකක් මගෙ ඉස්සරහින් කාර් පාර්ක් එක ඇතුලට දැම්මේ මාව බය කරලයි..
හොදට දැකලා පුරුදු නිල්පාට ෆෙරාරිය දිහා ඇස් හීනී කරලා රවලා බලපු මන් නිකමට නම්බර් ප්ලේට් එක දිහා බලද්දි ඒකේ තිබුනේ JM002 කියලා..
කාර් පාර්ක් එක ඇතුලට යමින් තිබුන කාර් එකට තව පාරක් රවපු මන් එක සැරේම බ්‍රේක් කල කාර් එකට පොඩිම පොඩි අවදානයක්වත් නොදී එතනින් පිටවුනේ ෆෝන් එක ඇතුලේ ඉදන් කෑගහන හියුන්ට අවදානේ දීලායි...
දවසක් බස් එකත් එක්ක හරි හරියට රෙස් ගිය නිල් ෆෙරාරිය නිසා මට වෙන්න ගිය අනතුර ගැන හියුන් එක්ක කිව්වම එයා කට කන් අඩි යන්නම බැන්නේ සිහියෙන් පාරේ යන්න කියලයි..🥲
හියුන්ගේ බැනිල්ලට තිත තියලා ගෙදර යන්න බස් එකට නැග්ග මන් ජනේලේ අයිනේ ශීට් එකක් හොයන් ඉදගත්තා විතරයි ෆෝන් එක දෙතුන් සැරයක් වයිබ්‍රේට් වුනා..
"හේයි බේබී...කොහොමද ඔයාට..ඔයා අද කොහෙහරි ගියාද..."
"හේයී බේබී...කොහොමද ඔයාට..හොදින් ඉන්නවද..මොකෝ වෙන්නේ මේ දවස්වල.."
"බේබී ගෙදරද ඉන්නේ..කතාකරන්න වෙලාවක් තියේද..."
ලගකදි ඉදන් කාලගුනේ වගේ සැරින් සැරේට වෙනස් වෙන්න ගත්තු මිමී මුලින්ම දාලා තිබුන මැසේජ් එක ඩිලීට් කරලා තව මැසේජ් දෙකක් එවලා තිබුනේ මන් ඉන්නේ කොහෙද කියලා දැනගන්නමයි කියලා මගේ හිතකියද්දි ෆෝන් එක සාක්කුවට ඔබාගෙන ජනේලෙන් එලිය බලාගත්තා..
'මන් එක්ක මුලින්ම මැසේජ් කරන්න ගත්තු මිමීයි පස්සේ මන් එක්ක චැට් කල මිමියි දැන් මන් එක්ක චැට් කරන මිමියි එකිනෙකාට හාත්පසින්ම වෙනස් කියලා මගේ හිතට දැනෙද්දි හිතට දැනෙන්නේ මහ හිස් හැගීමක්..