Chapter 19

32 8 14
                                    

"හායි..මන් හොදින්..ඔයාට කොහොමද...මන් ඉතින් කාලාබීලා ෆෝන්එක ඔබඔබ ඉන්නවා"

"ඔව්..පුලුවන්.."

ෆෝන් එකෙන් කරන්න තීන වැඩ ඔක්කොම කරලා අන්තිමට මිමීට රිප්ලයි කල මන් මේ වෙද්දි සාමාන්‍යයෙන් මිමී නිදි නිසා කියවන්න කතාවක් හොයන්න ගත්තා..

ඒත් එක සැරේම වයිබ්‍රේට් වුන ෆෝන් එකේ නොටිපිකේෂන් බාර් එකේ මිමීගෙන් රිප්ලයි ආවා කියලා මැසේජ් එකක් පෙන්වද්දි මන් ඒක ඕපන් කලා..

"ම්...හොදයි..මන් හිතන්නේ මාත් හොදින් ඉන්නවා...හනේ ඉතින්..මට ඔයාගේ ෆෝන් එක වෙන්න පුලුවන්නම්.."

"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද..මන් නිතරම ෆෝන් එකත් එක්ක ඉන්න නිසාද ඔයාට මගේ ෆෝන් එක වෙන්න ඕනී.."

"ම්...ටිකක් විතර ප්‍රශ්නෙක..ඕ..ඔයා කරන්න වැඩ කොයිතරම් තිබුනත් ෆෝන් එක මගහැර ගන්නේ නෑනේ..ඉතින් මට ඕනී ඔයාගේ ෆෝන් එක වෙන්න.."

"හ්ම්..ඔයා කැමතිනම් ඔයාගේ ප්‍රශ්නේ මන් එක්ක කියන්න.පුලුවන් විදිහට මන් උත්තර හොයලා දෙන්නම්.ඒ නැතත් ඔයාගෙ හිතට නිදහසක් දැනෙවී..දන්නවද මන් මගේ ෆෝන් එක මග නොහරින්නේ මන් ෆෝන් එකෙන් කතාබහා කරන මිනිස්සුන්ව මගහරින්න අකමැති නිසයි.එයාලා මගහැරියොත් එයාලව මගහරිනවා මිසක් මන් කිසිම කෙනෙක්ව අමතක කරන්නේ නෑ.මට පුලුවන් විදිහට ඒ අය ගැන හොයලා බලනවා.."

"ම්..ඒක හින්ට් එකක් නෙහ්.."

"ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ.."

"ම්.."

"ඉතින් මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ.."

"ඔයා.."

"ම්හ්..?"

"මන් ඔයාව අමතක කරන්න හදන හැම වෙලාවකම මට වැඩිපුරත් එක්ක ඔයාව මතක් වෙනවා..මන් ඔයා එක්ක මැසේජ් නොකර පැත්තකට වෙලා ඉද්දි ඔයා මට මැසේජ් කරලා මන් ගැන හොයලා බලනවා. මන් ඒවාට උඩින් පල්ලෙන් මැසේජ් කරද්දි ඔයා මැසේජ් කරන එක නවත්තලා ස්ටේටසුත් නොදා ඉන්නවා.ඔයාට ප්‍රශ්නයක්ද කියලා බලන්න මන් මැසේජ් කලාම ඔයා ගනන් උස්සනවා..වැඩේ කියන්නේ ඔයා කරන මේ හැමදේකටම තව තවත් මට ආදරේහිතෙනවා මට මොනා කරන්න ගියත් මතක් වෙන්නේ ඔයාව.ඔයා මගේ මුලුහිතම හොරකන්කරලා"

My Authornim //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now