Chapter 33

19 6 4
                                    

"ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්"

රෑ දේගූ බීච් එකට ආපු අපි දෙන්නා කාර් එකේ බොන්ට් එක උඩ හාන්සි වෙලා සින්දු අහමින් අහස දිහා බලන් ඉද්දි ප්ලේ වුන ඒ සින්දුව අපි දෙන්නා අතරේ ලොකුම ලොකු නිහඩ බවක් ඇති කලා...

"ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි"

ඒ සින්දුව ප්ලේ වෙලා ඉවරවෙනවත් එක්කම ජිමින් සින්දු ප්ලේ වෙන එක නතර කලා..

මුහුදේ රල බිදෙන හඩ එක්ක සීතල හුලං අපිව බදාගනිමින් එහෙ මෙහෙ යද්දි අපි දෙන්නම නිහඩව අහස දිහා බලන් හිටියා..

තරු ගොඩක් එක්ක අහසේ ලොකුවට පායලා තිබුන රත්තරං පාට හදේ එලියට වටපිටාව ගොඩක් ලස්සනට පෙනෙද්දි හිතට දැනෙන හැගීම මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම්..

ගිය අවුරුද්දෙ තනියම මෙතනට ඇවිත් බබූගේ උපන්දිනේ සැමරුව මම අද ජිමින් එක්ක එයාගේ උපන්දිනේ සමරනවා..

කාලය ඉක්මනට ගෙවිලා ගිහින් ලස්සන හමූවීම් ගොඩකුත් සිද්දවෙලා..

ජීවිතේ හරිම පුදුමයි...

"I love you.."

"ම්හ්..?"

"මං කිව්වේ මන් ඔයාට ආදරෙයි කියලා..ඒක වචන තුනකට සීමාවුන ආදරයක් නෙමේ.ඒක වචනෙන් විස්තර කරන්න බැරි මෙච්චරක් කියලා පෙන්වන්න බැරි මුලු හදවතින්ම කරන ආදරයක්...මං ඔයාට ගොඩාආආආආරියක් ආදරෙයි...ඔයා තමයි මගේ ෆස්ට් & ලාස්ට්.."

කල්පන් ලෝකෙක අතරමං වෙලා හිටි මං ජිමින්ගේ හඩින් පියවි සිහියට ආවත් ඊලග මොහොතේ ගැස්සිලා ගියේ මගේ එහා පැත්තෙන් හාන්සි වෙලා හිටි ජිමින් මගේ ඇග උඩට ඇවිත් මගේ ඔලුවට එහයින් එක අතක් තියන් අනික් අතින් මගේ කම්මුලත් අල්ලන් ඇස් දිහා බලන් කිව්ව දේවල් නිසයි...

එයාගේ දිලිසෙන ඇස් ලොකු කතාවක් කියද්දි ඒ කතාව ඇතුලේ මගේ චරිතේ ලොකුවට පෙනෙද්දි එයාගේ ලස්සන තොල් අතරින් පිට වුන ඒ වචන මගේ මුලු හදවතම සීතල කරද්දි ඒ සීතල නැති කරගන්න හදවත වේගෙන් ගැහෙන්න ගනිද්දි මගේ ඇස් දිහාම බලන් හිටි ඒ ඇස් මගේ තොල් උඩින් නතර වුනා...

"මට විශ්වාසයි..මේ වගේ සිදුවීමක් තීන කතාවක්නම් මන් කියවලා නෑ කියලා.."

මගේ තොල් දිහා බලන් මිමිනුව එයා මන් එයා දිහා බලන් ඉදිද්දි මගේ තොල් වලට බරවෙලා ඇස්පියන් ඒවා සිපගත්තේ එයාගේ හදවතේ දෝර ගලන ආදරේ ඒ සිපගැනීමෙන් මගේ මුලු ආත්මෙටම දැනෙන්න සලස්වමිනුයි...

මගේ තොල් දිහා බලන් මිමිනුව එයා මන් එයා දිහා බලන් ඉදිද්දි මගේ තොල් වලට බරවෙලා ඇස්පියන් ඒවා සිපගත්තේ එයාගේ හදවතේ දෝර ගලන ආදරේ ඒ සිපගැනීමෙන් මගේ මුලු ආත්මෙටම දැනෙන්න සලස්වමිනුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Authornim //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now