Chapter 42

27 7 10
                                    

"කොහෙද පන්ඩිතයිනේ..ඇග පුරාම මොලේ නිසා අනික් අය කියන කිසිදෙයක් අහන්නේ නෑ..ඒ උනාට අනික් අයට උපදෙස් දෙන්නනම් රුසියා..ඒ උපදෙස් ඇහුවේ නැති වුනාම අපිව නම උල තියන්න ලෑස්තිය...හහ්...ආයේ මට උපදෙස් දෙන්න එනවකෝ..මම කනවා ඔය කට කොනක ඉදන්...දන්නෑ මන් හරි වසයි.."

මේ මන් මෙයාගෙන් බැනුම් අහන කීවෙනි වතාවද මන්දා..වටපිටේ ඉන්න අය ගැන ගානක්වත් නැතිව මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ බනින ජිමින් දිහායි ජිමින් කියන දේවල් දොර උලුහව්වට හේත්තුවක් දාන් හිනාවකින් අහන් ඉන්න හියුනුයි ඔම්මයි දිහයි මන් බලන් හිටියේ ඉස්මයිල් ඉන් පෙයින් ලුක් එකෙන්...

මුලින් ඔම්මගෙන් පස්සේ ජිමින්ගෙන් ඊට පස්සේ හියුන්ගෙන් ආයේ ආයෙම ජිමින්ගෙන් බැනුම් අහන මන් හිටියේ ආයෙනම් කවදාවත් කූල් වෝටර් වලින් රෑට තියා දවාලටවත් වොෂ් කරන්නෑ කියලා හිතාගෙන..

මේ ඔක්කොමලගෙන් බැලුම් අහන එකත් හරි ජිමින්ගේ රැවිලි ගෙරවිලිත් හරි තව ටික්කින් ගෙදරඑන අප්පගේ රැවුම් ගෙරවුම් බැනුම්නුත් අහන්න වෙනවා කියලා මතක් වෙද්දිනේ දරාගන්න බැරි...

ආයෙනම් මොන ලෙඩේ හැදුනත් ජිමින්ටනම් කියන්නෑ..නෑ වැරදුනා මිමීටනම් කියන්නෑ..

ඒ යකා තමා මේ ඔක්කොටම වග කියන්න ඕනී...😒

"මොකද රවන්නේ..."

හිතින් රවලා නිකන් ඉන්නැතුව මූනෙනුත් රව රව රව හිටි මන් දිහා රවලා බැලුව ජිමින් මට සුප් හැන්දක් පොවද්දි අප්පත් රූම් එකට ආවා.

ටක් ටික් ටුක්...

"අහම්..."

හොදා...යි....මට මේ දැන් ඉදන් නම්බුවක් කියලා එකක් නෑ...මේ ඇත්තමයි...

"ඔයාට දැන් කොහොමද පුතා..."

"දැන් අඩුයි අප්පා..මේ පොඩි උනක්නේ..ආව්.."

අප්පාගේ කටහඩත් එක්ක සුප් බෝල් එක සයිඩ් ටේබල් එක උඩින් තිබ්බ ජිමින් එයාගේ නිදහස් අතකින් මගේ අත මිරිකද්දි නිකම්ම මට ආව් කියවෙද්දි අප්පා මායි ජිමිනියි දිහා මාරුවෙන් මාරුවට බැලුවා...

"මන් වොෂ් එකක් දාන් එන්නම්කෝ..අපි පස්සේ කතාකරමු..."

ටික වෙලාවක් නිශ්ශබ්දව අපි හැමෝගෙම මූනූ දිහා බැලුව අප්පා එහෙම කියාන රූම් එකෙන් එලියට යද්දි හියුන් වගෙම ඔම්මත් අප්පා පස්සෙන් එලියට ගියා..

My Authornim //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now