111 කොටස

12.1K 1.3K 843
                                    

" සෙනුක උඹට කෝල් එකක්.."

" ආන්සර් කරපන් මම වැඩක ඉන්නෙ.."

" මේ අයුක අයියා."

" අහ්.. දෙන්න දෙන්න.."

මම ෆෝන් එක අරගෙන ආන්සර් කල්ලා කනේ තියාගෙන උරහිසට තදකරගත්තා.. අපිට ස්පෝර්ට්ස්මීට් ළං වෙලා තියෙන්නෙ.. මේ දවස් පුදුම විදියට බිසී.. අනික එකක් කියලා නෑ.. සමහර දවස් හොඳටම හොඳයි, සමහර දවස් ෆුල් ෆක් වෙලා, සමහර දවස් ගෙවුණද මතක නෑ.. මමත් ඔහේ වැඩ ගොඩක් ඔලුවෙ නමාගෙන මොකාද වගේ ඒවගෙ පස්සෙ දුවනවා මිසක් මං ගැනවත් ටිකක් උනන්දුවෙන් හොයන්න කාලයක් වෙන් කළේ නෑ.. අයුක අයියා ගියාට පස්සෙ හැමදේම හොඳින් කියලා ඕන්නම් සතියක් දැනෙන්න ඇති.. දැන් තියන ප්‍රශ්ණ වල විදිය සම්පූර්ණෙන්ම වෙනස්.. ඒක හරියට-මට විස්තර කරගන්න තේරෙන්නෙ නෑ.. ඉක්මනට මේ කොළඹින් අතුරුදහන් වෙන්න ඕන කියලා විතරයි මම හැමතිස්සෙම හිතුවෙ.. අයුක අයියත් රට ගිහින් එහේට අඩිය තියපු දවසෙ ඉඳන් හෙන ආතල් එකේ හිටියෙ නෑ.. අනිත් හැම මනුස්සයෙක්ට වගේම එයාටත් අලුත් රටක ජීවිතේ පටන් ගන්න යද්දි මූණ දෙන හැම ප්‍රශ්ණෙකටම ඔරොත්තු දෙන්න වුණා.. කලින් හිටිය ගෞරව සිංහවංශගෙ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මුණුබුරා විදියට නෙමෙයි සාමාන්‍ය ළමයෙක් විදියට.. ප්‍රශ්න අඩු ජීවිතයක් ගත කරනවා කියලා හිතුවත් එහෙම ජීවිතයක් කොහේවත් නෑ.. ප්‍රශ්න හැමදාම තිබුණා, වෙන වෙන ස්වරූප අරගෙන.. මට නම් හිතෙන්නෙ එහෙමයි..

" Yes my love.."

" ඔයා වැඩකද ඉන්නෙ.. මට පොඩ්ඩක් කතාකරන්න ඕන සුදූ.."

අයුක අයියගෙ සීතල නිමුණු කටහඬ ඇහෙද්දි මම ඇස් දෙකත් පියාගෙන පොඩ්ඩක් වෙලා හිටියා.. මේ වෙලාවෙ නම් ඒක ලොකුවටම දැනුණා.. 

" ම්ම්.. කියන්න.. මම ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉන්නෙ.."

" තව කවුරුහරි ඉන්නවද ඔතන..??"

" නෑ.. ඔයා හොස්ටල් එකට ගියාද.."

" තාම නෑ.. පාක් එකේ.."

" ඔයා හොඳින් නේද..?? ඕක ආන්සර් කරන්නකො.."

මම වීඩියෝ කෝල් එකක් රික්වෙස්ට් කල්ලා ෆෝන් එක ඉස්සරහින් තිව්වා.. 

BROKEN MIRRORS | ONGOINGTempat cerita menjadi hidup. Temukan sekarang