2.

3.5K 450 147
                                    

ආයෙමත් මං දකින්න ආස නැති මූන ආයෙත් මගේ ඉස්සරහටම ඇවිත්...

______________________________________________

ඉස්කෝලෙත් ඉවරයි. බලාගෙන ඉද්දි වෙලාව ගියේ. ඔක්කොමත් හරි මට අර ආදි කියන එකා එක්ක පුදුම කේන්තියක් තියෙන්නේ අම්මපා. ඌට මතුරන ගමන් මන් මේසේ යටයි උඩයි එහෙ මෙහෙ තියෙන මගේ පොත් පෑන් බෑග් එකට දා ගෙන අපේ උන් එක්ක පන්තියෙන් එලියට ආවා.
ළමයි ගාල කඩා ගත්තු හරක් වගේ ඒ මේ අත යනවා. මායි මහියයි තෙනුජයි කෙවිනුයි තමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නේ. මුන් තුන්දෙනාම අපේ පැත්තේ. කවදාවත් නැතුව මහියා කියනවා බස් එකේ යමුලු. කවද්ද මල්ලී අපි බස් එකේ ගියේ.

" මේ අද බස් එකේ යමුද? "

" මොකටද පිස්සුද බන් බස් එකේ යන්න හැමදාම අපි ට්‍රේන් එකේනේ යන්නේ අනික යකෝ ස්ටේෂන් එකෙන් බැස්ස ගමන් ෆ්ලැට් ටික "

" මූ කෙල්ලෙක් ටෝල්ක් කරනවනේ සුද්දා එකී යන්නේ බස් එකේ.
උඹ මේ අපිවත් එක්කන් යන්න හදන්නේ පහන අල්ලන්නද? "

හම්මට සිරි තෙනුජ සීන් එක කිව්වමයි මන් දන්නෙත්. ඒ පාර ගෑනු පරානයක් නිසා මුත් අංගවිකල වෙන්න යන්නේ.
ඒත් බස් එකේ යන්න ආස නැහැ අපි එකෙක්වත් ඉතින් මහියා ඕනේ එකක් කර ගත්තු දෙන් කියලා. මම කිව්වා.

" මේ මට බැහැ බන් බස් වල ලොට ලොට එන්න උබ ඕනේ නම් පලයන්. අපි වෙනදා යන විදියටම යනවා. "

පොරගේ මූනේ තියෙන පැණි හිනාව. තාම සෙට් වෙලත් නැහැ මු යකෝ. ඒ අස්සේ කෙවින්.

" උබට පිස්සුද මහියා සුද්දා අරන් කෙල්ල ලගට යන්න හදන්නේ. මෝඩ පක*** උබ නම්. මූව දැලේ දා ගන්න කීයක් නම් බලන් ඉන්නවද? මූ එක්ක ගියොත් තෝ දිහා හැරිලවත් බලන එකක් නැහැ ඒකී. "

-  ආදි  -Where stories live. Discover now