5.

2.8K 413 96
                                    

"තමුසේ මොනාද මගේ මූණ දිහා බලාගෙන මතුරන්නේ.??"

ආදි එහෙම අහලා එකපාරටම මන් දිහා බැලුවම මම ටිකක් ගැස්සුනා. මූ කොහොමද මගේ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව ඉඳලා මං ඌ දිහා බලන් ඉන්නවා කියලා දැනගත්තේ.

"මතුරන්න උඹ හිතුවද යකෝ මම මාතර එකෙක් කියලා.
මට වැඩේමනේ උඹ දිහා බලන් මතුරන්න."

මම කිව්ව එක පඩේකටවත් ගනන් ගන්නේ නැතුව ඌ මන් දිහා රවලා බලලා එතනින් ගියා. යකෝ මූ නිකන් හැසිරෙන්නේ මන් උගේ කරේ නගින්න ආවා වගේ නේ. මේ පගයට පුදුම අහංකාරකමක් තියෙන්නේ. ඉඳපන්කො ඕක බස්සන්න මේ සුද්දා.

පීරියඩ් දෙකක් විතර කට්ටියම පුස්තකාලේ අස් කරලා අපි අපේ පන්ති වලට ගියා. වෙලාවකට හිතෙනවා මොන පුණ්ඩෙටද බයෝ තෝරාගත්තේ කියලා. මොනා නැතත් සෙට් එකම බලන් ඉන්නේ මේ මගුල ඉක්මනට ඉවර වෙච්ච ගමන් කැන්ටින් එක පැත්තේ යන්න. මේ රෙද්දේ ඔරලෝසුවේ වෙලාව ආපස්සට යනවද මන්දා.
පීරියඩ් දෙකක්ම විඳවලා විඳවලා අන්තිමට ඒ මොහොත උදා උනා.

"ඉන්ටවල් වුත්තොව්!!!"

තෙනුජයා හැමදාම වගේ අදත් බෙරිහන් දුන්නා. ඉන්ටවල් එකට ගහන බෙල් එකට වඩා හපන් හරියටම 10.30ට මූ දෙන අදෝනාව. පොත් ටිකත් එහෙම්ම දිගෑරල දාලා කට්ටියම කැන්ටින් එක පැත්තට යන ගමන් ඉද්දි මහියා මගේ කරට අතක් දාගෙන.

"මොනාද හුත්තෝ උඹ මේ ආදිලා එක්ක ගහගෙන තියෙන්නේ. බලපන් මූණ තැලිච්ච ලබු ගෙඩියක් වගේ. ගහගන්න බැරි නම් නිකන් ඉඳපන්කො පම්කො"

"මහියා මේ... මේ අහපන්, මන් හෙන කැරියෙක් හුත්තෝ...මන් ඌ එක්ක එල්ලෙන්න ගියේ නෑ බන්. ඌ අතපය උස්සන් ආවා මාත් ඉතින් නෙලුවා නට්ටං වෙන්නම උට."

" උගේ නම් නට්ටං පාටක් මන් දැක්කේ නෑ."ඒත් උඹ හම්බානක කාලා කියලා නම් පේනවා."

"අනේ පලයන් හරකෝ යන්ඩ. අර කෑල්ලක් ටෝක් කරන්න තෝත් බස් එකේ යනවා. බලපං උබ අපි ගහගද්දිවත් ගැම්මට හිටියද. දැන් එනවා තෝ වැදි බණ කියාගෙන. උඹත් කෑල්ලක් නිසා අපිව හැලුවනේ පගයා."

-  ආදි  -Where stories live. Discover now