"අඩෝ ආදි...ඕකුන්වත් අරන් බැහැපන් ග්‍රව්න්ඩ් එකෙන් එළියට."
ආදිගේ හයේ හතරේ පාරවල් වලට සප්‍රයිස් වෙන ගමන් ඉද්දි මොකෙක්ද ඇවිත් මැදින් පැනලා ඇඩ් එකක් දැම්මා.
අප්පා මේ මෝඩ තරිඳුවානේ.
මූ හිතන් ඉන්නේ අපිට වැඩිය අවුරුද්දක් දෙකක් වැඩිමල් උනහම ඌ තමයි හැමෝටම අයියර් කියලා.
ඒත් ඇයි ඌ ග්‍රවුන්ඩ් එකට ඇවිත් ආදිට සද්දේ දාන්නේ...ආදි බැට් එකත් බිමට දාලා තරිඳුවා ලඟට යද්දි උගේ සඟයෝ ටිකත් ඒ පස්සෙන් ගියා. අපි නිකන් බලන් හිටියොත් මුන් හිතයි අපේ කොන්ද පන නෑ කියලා.
"ඒ මචන්ලා.. වරෙල්ලා අපිත් ගිහින් බලමු තරිඳුවා ගේම ඉල්ලනවද කියලා"
අපි සෙට් එකත් ගිහින් ආදිගේ බූරු රැලත් එක්ක හිටගත්තා.
"ආදි පුතේ...හොඳ හිතින් බැහැපල්ලා මේ හින්චයියෝ ටිකත් අරන් ග්‍රව්න්ඩ් එකෙන් එළියට. දන්නවනේ මේ තරිඳුවා කවුද කියලා."
"මේ අහපන්. උඹ කවුරු උනත් මට ඒකෙන් වැඩක් නෑ. උඹ එක්ක මෙතන අත පය විසි කරගන්නත් මට උවමනාවක් නෑ. එහෙම කරන්න ගත්තොත් මේක කොහෙන් කෙලවර වෙයිද කියන්නත් මන් දන්නේ නෑ. ඒ නිසා ප්ලීස් මචන්... මෙතනින් පලයන්."
"ඇයි ඇයි දැන් උඹ කියන්නේ උඹ ගැහුවොත් අපි one shot knock out වෙයි කියලද. උඹ හෙන පොර කියලද අපිට කියන්න ලෑස්ති වෙන්නේ."

YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...