AMORE🍁❹

272 52 186
                                    

' මට තවමත් මතකයි ඔහුව මුණ ගැසුනු මොහොත,
ඔහු රෝපණය කල ස්පර්ශය, ඔහු හැර ගිය වත්ත,
මම අනුමාන කරනවා වර්ෂාවේ බලපෑම එයින් අඩක් පමණක් බව ..'
-Heaven♥︎

වහලට වැටෙන වැස්ස කන් වලට ඇහෙද්දි ජන්කුක් උණුසුම් බ්ලැන්කට්ටුවට තවත් ගුලි වුනා. බ්ලැන්කට්ටුවෙන් එන සුවඳ නුපුරුදු වුනත් ඔහුට ඒ ඇයිද කියලා හොයන්න උවමනාවක් තිබුනේ නෑ. ඔහුට අවශ්‍ය වුනේ වැස්සෙ සද්දෙත් එක්ක හොදින් නිදාගන්නයි.

වැස්සෙ 'හෝ' හඬ,හුළඟේ 'සර සර' හඬ,ගස් වල කොළ වල සද්දෙ කන් වලට ගේන්නෙ අමුතුම නිවුනු හැඟීමක්. ඒ සද්දත් එක්ක මනස සැහැල්ලු වෙද්දි ජන්කුක් පවා හෙව්වෙ උණුසුම් බ්ලැන්කට්ටුවේ හොදට ගුලිවෙලා නිදාගන්නයි. ඒත් නින්දත් අඩ නින්දත් අතර හිටපු ඔහුට මේ හඬවල් විතරක් නෙමෙයි තව ඔහු නොදන්නා හඬවලුත් ඇහුනා.

මොනවා හරි පිච්චෙන සුවඳක් වගේම බඩු එහා මෙහා වෙන සද්දෙ කරදරකාරී විදියට කන් වලට ඇහෙද්දි තවත් ඇස් දෙක පියන් ඉන්න ජන්කුක්ට බැරි වුනා. ඔහු අමාරුවෙන් ඇස් ඇරලා බැලුවත් මුලු කාමරේම අඳුරේ තිබුනු නිසා ඔහුට හරියට යමක් පෙනුනේ නැහැ.

ඔහු අමාරුවෙන් සුවපහසු ඇඳෙන් අකමැත්තෙන් වගේ නැගිට්ටෙ ග්‍රේසියා කුස්සියේ ඉන්නවනම් සද්දෙ නවත්තගන්න කියන්නයි. මොකද ඔහුට දැන් හොද නින්දක් අවශ්‍ය නිසා. ඇඟපත ඕනවටත් වඩා රිදුම් දෙද්දි ජන්කුක්ගේ ඔලුවත් ඒ හා සමානව රිදෙන්න ගත්තා. උගුරෙන් පවා අමුතු කැසීමක් දැනෙද්දි ඔහු උගුර පාද පාද අඩ නින්දෙන්ම දොරත් ඇරගෙන එළියට ආවා.

මේස් නොදාපු ජන්කුක්ගේ කකුල් වලට වෙනදට දැනෙන සිමෙන්ති ගඩොල් වල සීතල දැනෙනවා වෙනුවට දැනුනේ අමුතුම උණුසුමක්. අඩිය තියන තියන වාරයක් පාසා ඔහුට දැනුනේ සුවපහසුවක්. අඩ නින්දේ හිටපු ඔහුට ඔහුගේ නිවසෙත් මේ දැනෙන දේවල් වලත් වෙනස තේරුනේ නැහැ.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 13 ⏰

Add this story to your Library to get notified about new parts!

S A L V A T O R E || TAEKOOK Where stories live. Discover now