130 කොටස

12.6K 1.3K 970
                                    

ආශිලාගෙ ගෙදරත් කවුරුත්ම හිටිය් නෑ මයුරි නැන්දත් අපේ අම්මලා එක්ක ෂනෙරුලගෙ ගමේ ගිහින් නිසා.. අපි එද්දි කියාන් අයියා ක්වාටස් එක බලලා එහේ ඇවිත් හිටියෙ.. අද දවල් වරුවෙ ආශිලගෙ ගෙදර කවුරුත්ම නෑ.. අංකල්වත් නෑ.. මම කලින් ආශිලාගෙ ගෙදර හිටිය වෙලේ දාලා ගියපු ඇඳුම් වගයක් තිබිලා ඒක මාරුකරගන්න ආවා.. දැනටම මට හෙම්බිරිස්සාව වගේ තෙමිච්ච හින්දා.. දාහක් දේවල් හිතෙනවා.. මට මේ වෙලාවෙ රුත්වි හිටියනම් කියලා හිතෙනවා අනන්තවත්.. විරුල් අංකල් විතරක් නෙමෙයි මේකෙ තව අය ඉන්නවා කියලා හිතෙනවා.. අසලි ආන්ටි එකසැරේ කතාකරන එක නවත්තපු එකයි, එදා විරුල් අංකල්ගෙ යාළුවො එහේ ආවා කියපු එකයි, රධ්‍ය අයියගෙ ඇඟේ පාරවල් හිටින්නම ගුටිකාලා කියලා ෂනෙරු දවසක් කියපු කතාවයි, ආධ්‍ය අයියව බඳින්න ප්‍රපෝස් කරපු ලෝයර් නෙතූයි, හුඟක් අය ඉන්නවා.. මේ අයගෙන් කවුරු කවුරු හරි මේකට සම්බන්ධයි කියලා මට හිතෙනවා.. එහෙම නැතිවෙන්න බෑ.. 

මම ශවර් එක ඔෆ් කල්ලා කොණ්ඩෙ පිහිදගෙන ඇඳුමත් දාගෙන එළියට ආවා.. හදිසියෙම එදා ෂැන්ග්‍රි-ලා එකේදි අයුක අයියගෙ සීයලා හිටපු ටේබල් එක මට මතක් වුණේ මොන හේතුවක් නිසාද මන්දා.. චමිරුගෙ අම්මත් එතන හිටියා.. කියාන් අයියගෙ තාත්තා.. අයුක අයියගෙ සීයා.. විරුල් අංකල්.. ඔව් එයාලා හොඳ යාළුවො තමයි.. එතකොට කියාන් අයියා මේ ගැන මොකුත්ම දැනගෙන නොඉන්න විදියක් නෑ.. අයුක අයියත් දන්නවා ඇති.. නැත්නම් චමිරු හැමදේම දැනගෙන අපිට නොකිය ඉන්නවද කියලා සැකයි.. සංහිතත් හදිසියෙ ලංකාවට ඇවිත් නිසා විරුල් අංකල්ට එයාගෙන් උදව්වක් නොගෙන ඉන්න බැරිකමක් නෑ.. ගෞරව මේවට සම්බන්ධ නොවුණත් සංහිත මැරිලා නෑනෙ.. ඌ තාම ජීවත් වෙනවා.. පණ ඇද ඇද, ඇඳක් උඩට හරි වෙලා ඉන්නවා.. 

" ශිට්!! මට කොහොමද අමතක වුණේ.."

මම ඇඳ උඩින් ඉඳගත්තා.. සංහිත කියන්නෙ ලෙඩ ඇඳේ හිටියත් බලය කියන දේ හුඟක් තියන චරිතයක්නෙ.. ඌට ෂනෙරු වගේ පොඩි කොල්ලෙක් විනාඩියකින් අතුරුදහන් කරනවා කියන්නෙ මහා විසාල දෙයක් නෙමෙයි.. මට ෂනෙරු ගැන බය හිතුණා.. ආයෙ ටිකකින් රධ්‍ය අයියා මෙහේ නැති නිසා බය අඩුවෙලා ගියා.. රධ්‍ය අයියව සම්පූර්ණෙන් අමතක කළත්, ආධ්‍ය අයියා ගැන අපි විස්තරයක් දන්නෙ නෑ.. එයාලා අපිට වඩා හුඟක් ලොකු අය නිසා ආශ්‍රය කරපු යාළුවෙක් ගැනවත්-සමහරවිට ක්වාටස් එක හොඳට බැලුවොත් යමක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.. ඒකට ෂනෙරු ලංකාවට එන්න ඕනනෙ.. ෂනෙරු කෝච් එක්ක කතාකල්ලා හෙට ෆ්ලයිට් එකේ ලංකාවට එන්න බලන්නම් කිව්වා.. ඒකත් හරියටම තාම ශුවර් එකක් නෑ..

BROKEN MIRRORS | ONGOINGDonde viven las historias. Descúbrelo ahora