028🎶

327 46 32
                                    


වැහි කඳුලක තෙමෙන්න ඉල්ලුවම...බේබි කෙරුවෙ මාව හාදුවකින් තෙමපු එක....හාදුවකින් තෙමෙන්න ලෝබ කමට මම බේබිගෙන් ඈත් වෙනකොට බේබි කිටි කිටියෙම මාව තුරුලු කරගන්නව..

වැහි කඳුලක තෙමෙන්න කලින් හාදුවක බර දරාගනින්....!!

මට ලැජ්ජ හිතුනා....බේබි කිව්වම...ඇත්තටම බේබිගෙ හාදුවක් වත් හරියට දරන්න බැරි මම කොහොමද අර කිව්වත් වගෙ වැහි කඳුලක තෙමෙන්නෙ...

" බේබී.... වැහි කඳුලක් ඒ තරමටම බරයිද..."

" ඔව් .. මේ සියුමැලි අතපයට දරන්න බැරි වෙන තරමටම....සනීප වෙන්න ඕනි නැද්ද..අඩුම මං ගැන පොඩිම මතකයක් වත් ඕනි නැද්ද උඹලට විශ්වාසයක් හරි හදාගන්න..."

" මට බේබිව ඕනවටත් වඩා විශ්වාසයි....."

" මයෙ අම්මා උඹලා ඔය කියන්නෙ උඹට ඉක්මනින් තෙමෙන්න ඕනි කියලද......."

"......... "

මම වචන හංගලා නිරුත්තරව ඉන්න අතරෙ බේබි කතා කරනව.....

" එපා අකල් වැහි වලට තෙමෙන්න..උඹව උණ ගනීවී......අසනීප වේවි....වැහි පොදේට හුරු වෙයන්...පස්සෙන් පහු බැරිද උඹලට හැමදාම උනත් වැහි කඳුලක තෙමෙන්න...."

මම බේබිගෙ මූණ දිහා බලලා හිනා උනා..මොනා උනත් බේබි එහෙම කියන්නත් හේතුවක් ඇති..හැබැයි මට ඕන උනා බේබිගෙම කියල අයිතියක්...

" බේබී... නිදාගන්නකල් ඔයා නිදාගන්නෙපා හරිද...මට බයයි බේබි...එක්කොත් මම ඇහැරන් ඉන්නද..මට බයයි උදේ නැගිටිනකොට මේ හැම දෙයක්ම හීනයක් වෙලා නැති වෙලා තියෙයි කියල...."

" එහෙම වෙන්නෙ නෑ මිතිල..හිත කරදර නැතුව නිදාගන්න...මම ඉන්නව ඔය කියන සෘතු පහම අවසානෙ පස් වෙනි සෘතුවෙදි උඹ එක්කම පොලවට පස් වෙලා යන්න...."

මම ඇස් පියාගත්තා...බේබිගෙ තුරුල්ලෙම..

" හිටගෙන නිදාගන්න පුලුවන්ද...එන්න යන්න..."

බේබි මාව දෝතටම අරගෙන එක්කන් ඇවිත් ඇඳ උඩින් තියල මගෙ ලඟින්ම ඇල උනා..කලින් වගේම...මම බේබිගෙ පපුව අස්සෙ මූණ ගහගෙනම ඇස් වහගත්තා...බේබි මගෙ මූණ බේබිගෙ මූණටම හරවගෙන නලලට මම නිවෙන ජාතියේ හාදු සීයක් විතර තැවරුව....බේබි බලන් හිටියෙ මගෙ තොල ලඟ තියන ලපේ දිහා..මම බේබි දිහා ඇස් එක එල්ලෙම බලන් ඉන්නකොට තරු වගෙ ඇස් වලින් මගෙ ඇස් දිහා බලලා තොල ලඟ ලපෙ උඩින් හාදුවක් තිව්වම මොහොතකට මගෙ ඇස් පිය උනා...

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now