19.පිටුව

210 11 6
                                    

සෂෙන-

මේ ටික දවසට අපි ගොඩක් ළං වුණා. මං දන්නවා එයාගේ හිතෙ එහෙම දෙයක් නෑ කියලා.. මේ දවස් දෙක තුනට තේරුම් ගත්තා ඇත්තටම එයා මං හිතන් හිටපු කෙනා නෙවෙයි කියලා..ඒක මට කොහොමත් තේරිලා තිබුණේ..නමුත් මේ ටික දවසට හොඳටම තේරුනා.. එයා විතරක් නෙමෙයි එයාගේ යාලුවෝ හැමෝම හොඳයි..මං එයාලාට සලකපු විදිය ගැන ගොඩක් පසුතැවෙනවා... ඒ වුනත් මං මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නෙ.. මොකද පිකටින් එකේ වැඩි නිසා අපිට එකටමයි ඉන්න උනෙ.. චෙතුක කොච්චර අවුලෙන් හිටියත් මං නිසා හැම වැඩකට මාත් එක්ක ආවා ඌ විතරක් නෙවෙයි මිලානුත්... මං හිතන් හිටියා වගේ දෙයක් නෙවෙයි පිකටින් එකක් කියන්නේ ඒකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ.. හැමදාම රෑ වෙනකම් වැඩ කරනවා.. කොච්චර රෑ වෙනකම් හිටියත් හැම මොහොතක්ම ගත කළේ හරිම සතුටින් මොකද එයා මගේ ළඟින් හිටපු නිසා... ආදරය කියන්නේ ඒකටද කියන්න මම හරියටම දන්නේ නැහැ එයා මට කතා කරනකොට එයා මගේ ලගින් ඉන්නකොට මට මාර සතුටක් දැනෙන්නේ.. ඒ හැඟීම මට යාළුවෙලා හිටපු කිසිම කෙනෙක්ගෙන් දැනිලා නෑ...

අපි කොටුව ස්ටේෂන් එක ළඟට ගිහින් එතන හට් එක ගහලා බැනර් සේරම එල්ලා..වැඩ කරලා ඉතුරු පෝස්ටර් ටිකත් ආලවන ගමන් පයින්ම ආවා..ඒ වගේ අත්දැකීමක් මට කවදාවත් ලැබිලා නෑ ඒක හරි විනෝදයි..

"කොහොමද මෙක අලවන්නෙ..."

"මෙච්චර වෙලා බලන්න නෙවෙයිද හිටියේ.. මුලින්ම පාප්ප ගානවා ඊට පස්සේ පෝස්ටර් එක අලවනවා ඊට පස්සේ ආයේ පාපගානවා..."

"හා...."

"අෂ් ඔය ටිකත් අලවන්න..."

"ආ හරි..."

"සහෝදරයා කොහොමද වැඩ ටික.."

"කරගෙන යනවා..."

"අපිට උදව් කරනවට thanks..."

"ඕක මොකක්ද.. මේක මගෙත් කැම්පස් එක නේද.."

මහිෂ් අයියා මට පිටට තට්ටුවක් දාගෙන යන්න ගියා.. එයා හරි හොඳයි.. ටිකක් හරි ලොකු කම තියෙන්නේ අර විහස් අයියා කියන එකා ගෙයි.. සතිෂ් කියන එකාගේයි.. උන් දෙන්නා තමයි මට පේන්න බැරි.. මං අෂ් එක්ක කතා කරන හැම වෙලාවකම අර විහස් අයියා කියන එකා මැද්දට පනිනවා නිකන්වත් කතා කරන්න දෙන්නැ...අශ් පෝස්ටර් ටික අලවලා මං ළඟට ආවා.. ඇවිල්ලා ටික වෙලාවක් බලාගෙන ඉඳලා.. මහ හයියෙන් හිනා වුණා..

~DESTINED TO BE ~Tempat cerita menjadi hidup. Temukan sekarang