13.

3.3K 504 409
                                    


ෂිට්! ඔලුව හතරට පලලා වගේ රිදෙනවනේ. මදි හරියට දකුණු කකුලත් ෆීල් වෙන්නේ නැහැ. කවුද යකෝ කකුලට සිමෙන්ති කොට්ටයක් අතෑරපු පරයා...

හෙන ගේමක් ගහලා ඇස් දෙකත් ඇරගෙන ඉඳගත්තට පස්සේ තමයි දැක්කේ ආදී මගේ කකුල උඩ ඔලුව තියාගෙන දෙක වසරේ පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්නවා.
ආහ්හ්හ්...මූ මගේ කකුළ උඩ නිදාගන්න තරම් මොනාද ඊයේ රෑ උනේ!?

ඔලුටත් දෙක තුනක් ඇනගෙන ඊයේ රෑ උනේ මොනවද කියලා කල්පනා කර කර ඉද්දි කරපු ගොන් වැඩ ඔක්කොම මහ බඩවැල වගේ මගේ ඔලුවට ගලාගෙන ආවා.

අයියෝ හැමනෙනවා! මොනාද යුවාන් උඹ ඒ කරේ. උඹ තමා ඉල්ලන් ඇරගන්න ගිහින් තියෙන්නේ..ෂිට් ඒ මදිවට උගේ ඔලුවත් අතගෑවා. තෝ නම් විනාසයි සුද්දා. රෙදි ගලවලා ට්‍රිප් එක යමන් ඊට වඩා හොඳයි.

මුන් සේරම නැගිටින්න කලින් මේ රූම් එකෙන් එළියට පැනගන්න ඕනේ.ඒත් මුගේ ඔලුව මගේ කකුළ උඩනේ. යකෝ මේකාගේ ඔලුවේ බර. පුදුම වෙන්නත් දෙයක් නෙමෙයි ඉතින් හෙන ලොකු ඔලුවෙන්නේ ඉන්නේ.

ආදිගේ ඔලුව ශේප් එකේ උස්සලා බිමින් තියලා මන් හිමීට නැගිට්ටා.

ටෞකන්න.
මුළු කකුලම ෆීල් වෙන්නේ නෑ. උට බැනලත් වැඩක් නෑ ඉතින් මන් නෙ මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්නේ.

හයියෙන් හුස්මවත් ගන්නේ නැතුව එළියට පැනගන්න යද්දි තමයි තෙනුජයව මතක් උනේ.
ඌ හතරගාතේ වැටිලා කටත් ඇරන් නිදි. තෙනුජය ළඟට ගිහින් උට පයින් දෙක තුනක් ඇන්නා.

"පාහ්..තිමා හෙන තික් බන්ග්..."

තූ නෙදකින් මූ කොස් ඇටයක් තරම් උස නෑ ඒත් තියන අසහනේ එවරස්ට් කන්දට වඩා උහයි.
තෙනුජයව නැගිට්ටන්න බැලුවට ඌ නැගිටින පාටක් තිබ්බේ නෑ. තව ඌව නැගිට්ටවන්න බැලුවොත් උගේ පාතිමා එක්ක ඩිස්ටි ඩිඩින්ග් කරන්න ඕනේ එකේ ඉඳන් කියවන ලයින් එකක් යන්නේ.

ඕන පුණ්ඩයක් කරගත්තදෙන් කියලා මීක් සද්දයක් නැතුව මන් රූම් එකෙන් එළියට පැනගත්තා.

____________________________________

ෆක් කවුද යකෝ කෝට්ටේ ගත්තේ. තුනටිය හරියේ ඉඳන් රිදෙනවා. මෙට්ටේ වගේ සොෆ්ට් නෑත් එක්ක. මන් ක්ෂණික ඇස් ඇරලා බැලුවේ මන් කොහෙද ඉන්නේ කියලා. බිම ටයිල් එකේ වැතිරීගෙන මොකද ආදි උඹ කරන්නේ. මන් සැපට නිදාගෙනනේ හිටියේ යුවාන්ගේ තයිස් උඩ. මෑන් කොහෙද ගියේ. කරපු පජාත වැඩ සේරම මතක් වෙන්න ඇති උට. ඒකනේ මූ උදෙන්ම නිදි පැදුරටත් හොරෙන් ගිහින් තියෙන්නේ.
ඊයේ වෙච්ච දේවල් මතක් වෙලා ලාවට හිනාවකුත් ආවා.
මන් නැගිටිද්දී මගේ කකුල් දෙක ළග බිම සහස්ගේ කකුලත් බදන් තෙනුජයා නිදාගෙන ඉන්නවා.
සහසා කකුලක් බිමට දාගෙන ඇඳේ රුයිතෙට නිදි.

-  ආදි  -Where stories live. Discover now