14.

3.2K 467 346
                                    


"අඩෝ සිරාවටම ආතල් නේද බන් ට්‍රිප් එක. නුවර එක්කන් යනවා කියද්දී මෙච්චර ජොලි වෙයි කියලා හිතුවේ නැහැ."

ඉස්කෝලෙට ආපු වෙලේ ඉඳන් මුළු පන්තියම ට්‍රිප් එක ගැන කතාව. ට්‍රිප් එක ගියපු නැති උනුත් ඉන්නවා මේ අතරේ උන් ඉතින් කටවල් ඇද කරන් අහන් ඉන්නවා උන්ගේ යාළුවන්ගේ ට්‍රිප් එකේ එක්ස්පිරියන්ස් එක ගැන. අන්න ඒ වගේ උන්ට තමා ගෝත පාලුවෝ කියන්නේ. අම්මලා තමා හරහට දාගෙන කිරිපොවනවා ඇති මුන්ට නම්. කිසිම ආතල් එකක් නැති පොල් පිති වගේ මිනිස්සු වෙන්නේ ඔය වගේ උන් තමා.

අපේ නම් කෙවිනා ආපු වෙලේ ඉඳන් ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන සැතපිලා. උට වමනේ ගිහින් ගිහින්ම බඩ පපුව දනවලු තාම.
තෙනුජය නම් මාත් එක්ක ටිකක් ඇරියස්. එදා ඌව දාලා මන් හොරාට ආවා කියලා. මන් කොච්චර කිව්වත් උඹට මන් කතා කළා තෝ තමා නැගිට්ටේ නැත්තේ කියලා මූ පිළිගන්නෙම නැහැ. ඒ තරම් උට උගේ බීමත් කමේ ලිමිට් එක විශ්වාසයි. අම්මගේ රෙද්ද...
දාපු ඩාන්ස් වල තරමට තාම මූණ හංගන් ආදිගේ සෙට් එක ළඟින් යන්නේ.
ආදිගේ මැක්කෝ ටික නම් උදේ රැස්වීමේදී දැක්කා. ඒත් ඌ ඇවිත් හිටියේ නැහැනේ.

"සුද්දා උඹට මන් ඊයේ කෝල් කීයක් නම් ගත්තද කියපන්කො. එකක්වත් ආන්සර් කළේ නැහැ තෝ."

"මොන කෝල්ස්ද බන්. ෆෝන් එක කොහෙද දැම්මේ දන්නෙත් නැහැ. පෙරේදා රෑ ඇඳට වැටුනා වැටුනමයි නැගිට්ටේ ඊයේ රෑ මචං."

"අනේ සක්කිලියා මගේ මළගම කියන්න කතා කළත් ඔච්චර තමයි."

"මහන්සියට නින්ද ගියා වුත්තෝ. උඹත් මහා පකේ කතා කියන්නේ."

"මේ ඒක නෙවේ සුද්දා අපි ඔක්කොම කුඩු වෙන්න ගහලා ඉද්දි උඹ මොකද කළේ.?"

මල හත්ති හුත්තයි......
මූ මොනා හරි දැකලවත්ද? නැහැ නැහැ වෙන්න බැහැ.... මූ එතකොටත් සහස් එක්ක නට නට හිටියේ මෙලොව සිහියකින් නෙවේ.
පුන්ඩේ සීන් වෙන්නේ යකෝ මටත්. තොට හොඳ වැඩේ මෝඩ කැරියා. ඉල්ලගෙනමනේ කා ගත්තේ. දැන් උත්තර බැඳපන්කෝ මුට. මුගේ මොකක් හරි එකක් ඇදලා අරන් ඇඟ බේර ගන්න ඕනේ.

"හහ්.....
මේ සුද්දා නයිස්ලී ලිමිට් ඇතුව ගහලා වෙන හැමදෙයක්ම නෝට් කරන් හිටියේ. උඹ සහස් එක්ක දාපු ඩාන්ස් එක තමයි ඩාන්ස් එක. අලුත මැරීඩ් කපල් එකක් වගේ අත්වැල් පටලන් ඩාන්ස් කළේ."

-  ආදි  -Where stories live. Discover now