15.

3.2K 520 770
                                    


"අඩෝ සුද්දා මොකද බන් ගල් ගිලලා වගේ. ක්ලාස් එක ළගටත් ඇවිත් උඹ වචන 10ක්‌ කතා කරන්න ඇති උපරිම එන ටිකට."

"එහෙම එකක් නැහැ ඕයි.කයියක් දාගෙන එන්න තරම් මූඩ් එකක් තිබ්බේ නැහැ."

"මන් බලාගෙන උඹ දවස් ගානක ඉඳන් හරි වෙනස්. මොනාද තෝ මට හංගන්නේ."

"උඹෙන් මොනා හංගන්නද බන්. CID එකෙන් දේවල් හැංගුවත් තොගෙන් දේවල් හංගන්න බැරිවිත්තිය මම දන්නවා."

"ම්ම් උඹ ඒක දන්නවා නම් කමක් නැහැ. මොකද කරන්නේ තව ටිකක් ඉඳලා ක්ලාස් එකට යනවද."

"ගිහින් ඉඳගමු බන් මොන ලබ්බටද තවත් එලියට වෙලා ඉන්නේ."

"සුද්දා උඹට මොකද ඕයි වෙලා තියෙන්නේ. උඹේ ක්‍රියාකලාපය හාත්පසින්ම වෙනස් වෙලා. මට අල්ලන්නේ නැහැ උඹේ ලයින්."

"මෙන්න මෙහෙ වරෙන් පගෝ වැදි බණ කියවන්නේ නැතුව."

"උඹට ඉතින් මන් දේවල් කිව්වම වැදි බණ. ඔහොම යමන්කෝ පුතේ. මාත් දේවල් බලාගෙන ඉන්නේ."

මේ කොට පගයන්ගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ. මුකුත් නැහැ කිව්වට පිළිගන්නෙම නැහැනේ.
අද බයෝ ක්ලාස්. ක්ලාස් එන්න ඕනේ නිසා ආවා මිසක් මට නම් එන්න කිසිම ආසාවක් තිබ්බේ නැහැ.
අර ගෝතයාව කෙට්ටු නැට්ටිච්චි එක්ක දැක්ක වෙලේ ඉඳන් මට ට්‍රැක් වගේ. මට ඉරිසියාවක් නැහැ. මට මොකටද ඉරිසියා හිතෙන්නේ?? ආදි මගේ මොකෙක්වත් නෙවේනේ.
හැබැයි මට එවෙලේ හිතුනෙම අරකිට පටෝර් ගාලා කනට එකක් දීලා මගේ මිනිහව ඇදන් යන්න. ෆක්............. මගේ මිනිහා.... සුද්දා උඹ හොඳ සිහියෙන්ද ඉන්නේ. ආදි කවද්ද උඹේ මිනිහා උනේ.  ආ යු ෆෝ රියල් සුද්දා??? මට කොහොමත් ජෙල නැහැ එච්චරයි.....
ආආආආආආ
ඒත් මේ හැම ලක්ෂනයක්ම පෙන්නුම් කරන්නේ පැහැදිලි ඉරිසියාව කියලා හිත පිලිගත්තට මගේ මොලේ පිලිගන්න ලෑස්ති නැහැ.

-  ආදි  -Where stories live. Discover now