අපේ උන් එනවා කිව්ව නිසා මන් පහළට එද්දි අක්කත් නැට්ට වගේ ආවා පස්සෙන්. උඹලගේ සෙට් එක හෙන ආතල් ආදි අර ජෙගන් මල්ලී කියන ඒවාට හිනා යනවා ඕයි ගගා කිය කිය ආවේ මෝඩ ගෑණි. අරූ දැක්කොත් වසලා හමාරයි.
අපේ උන්ගේ බොරු කයිවාරු විතරයි බේසික හැත්ත තාම ඇවිත් නැහැ. අක්කත් ඉඳලා ඉඳලා බැරිම තැනද කොහෙද ෆෝන් එක අරන් අවේත් නැහැ මල්ලී මන් උඩට යනවා කියලා ගියා. සාක්කුවේ තිබ්බ ලොලිපොප් එකත් කටේ දාගෙන අපේ උන්ට මැසේජ් එකක් දාලා උඹලා කොහෙද අහන්න ෆෝන් එක ගද්දිම යුවාන් එනවා හොර ගල් අහුල අහුල.
මෑන් මාව දැක්ක ගමන් විසිල් එකක් ගහගෙන යතුරත් ඇඟිල්ලක දාගෙන කරක කරක මගේ පැත්තට ආවා. නංගි අමුතු ලුක් එකක් දීගෙන මායි අක්කා දිහයි බලාගෙන ගියා. ශුවර් එකටම ඒකී ගිහින් කියන්න ඇති මූට අපේ අක්කත් එක්ක මං පහළට වෙලා කියව කියව ඉන්නවා කියලා.
අපරාදේ අරකි හිටියා නම් පොඩ්ඩක් අවුස්සලා ගන්න තිබ්බා ඩයල් එකව. පිස්සුද ආදි උඹට!! එහෙම උනොත් ආයේ මූ මගේ මූණවත් බලන එකක් නැහැ. ඌ කැප් එකත් ගලවලා පිටි පස්සට දාගෙන මගේ ළගින් ඇවිත් හිට ගත්තා.
"මොකෝ උඹේ දෝණි තරහා උනාවත්ද? මන් එනවත් එක්කම ගියේ."
"ම්ම්ම් ඔව්!! ලොලිපොප් එක ඉල්ලලා මැරෙන්න හැදුවා. කටේ තියෙන එක දෙන්න බැහැනේ. ඒකට මල පැනලා ගියේ."
මන් ඩයල් එක අවුස්සන්නත් එක්ක එහෙම කියලා ලොලිපොප් එක ආයේ කටේ දා ගත්තා.
මූ කින්ඩියට හිනා වෙන ගමන් මන් ළගට ඇවිත් මගේ කටේ තිබ්බ ලොලිපොප් එක අරන් උගේ කටේ දා ගත්තා.ෆක් ෆක් ෆක්!!!!!!
මොකක්ද ඌ ඒ කළේ. ඌ එහෙම කරයි කියලා මට නිකමටවත් හිතුවේ නැහැ. මොකක්ද මේ වෙන්නේ මගේ ඇඟ හිරිවැටිලා යනවා වගේ දැනෙනවා මූ මේ කරන වැඩ වලට.
ඌ ලොලිපොප් එක සූප්පු කරන ගමන් මගේ මූණට ලං වෙන්න යද්දිම..."යේෂප්පා!!!!! ආදි!!!!!!"
හු#නවා ජෙගනා නේද. කටේ දැම්මා වගේ දකින්න ඇති සීන් එක. ජෙගන් ආදි කියලා කෑ ගහපු පාර යුවාන්ව රත් වෙලා ගිය විදිහ මන් හොඳටම දැක්කා. ඌ කර කියා ගන්න දෙයක් නැතුව වගේ එහෙ මෙහෙ බලලා ක්ෂණික උගේ ස්කූටර් එක ළගට ගිහින් ස්කූටර් එක ස්ටාර්ට් කරන් එතනින් ගියේ කිසි දෙයක් නොවිච්ච ගානට.

YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...