28 Chapter

550 73 17
                                    

"අප්...පා මොක...ද මේ අතාරින්න....."

"ටේහ්‍යුන්ගෙ prince එනකන් හැමෝම බලන් හිටියෙ යන්ද දැන්වත්?"

"මොකක්ක්ක්ක්????"

"ටේහ්‍යුන්ගෙ කුකී prince එනකන් එයා බලන් ඉන්නවා යමු ..."

එකපාරටම කුකීගෙ අප්පා ඇවිල්ල කියපු හරුපෙ තේරුම් ගන්න කුකීට විනාඩි ගානක් ගතවෙද්දි කුකීගෙ එහාපැත්තෙ හිටපු ජිමින් ශේප් එකේ කුකීගෙ කිහිල්ලෙ ගහන් හිටපු ෆය්ල් එක ශේප් එකේ පන්නලා එයාගෙ අතට ගත්තා.ඒත් එක්කම මුලු වෙඩින් හෝල් එකේම අවදානෙ කුකී වෙතට එද්දි කුකීගෙ එක අතකින් අල්ලගත්ත mr.jeon හිමීට හෝල් එක මැදින් ඉස්සරහට යන්න ගත්තා....

කුකී තාමත් ඉන්නෙ ලොකු ශොක් එකක..වෙන්නෙ මොකද්ද කියල ලාවට මීටර් උනත් කොහොමද දෙය්යනේ මෙච්චර ලොකු දෙයක් එකපාරටම දරාගන්නෙ...කුකීගෙ ඇස් වල කදුලු පිරුනා.අවුරුදු ගානක එයාගෙ හීනයක් මේ ..අනික හිතපු නැති විදිහට මෙහෙම ඉශ්ට වෙනකොට පපුව මහගොඩක් බර වෙලා වගේ කුකීට දැනුනේ....

අවුරුදු ගානක් තනියම ආදරේ කරපු මනුස්සයව අන්තිමට නොහිතපු විදිහට එයාගෙ කරගන්න පුලුවන් දවසක් ඇවිල්ල දෙය්යනේ ...

විනාඩි ගානකින් හරි සිහියට කුකී ආවම දැක්කෙ එයාගෙ ඔම්මලා ටේහ්‍යුන්ග්ගෙ පව්ලෙ අය එතකොට ජිමින්ලා අදුරන හැමෝම හිනා වෙලා එයා දිහා බලන් ඉන්නවා එතකොට ටේහ්‍යුන්ග් ....ෆාදර් ඉස්සරහ හිටගෙන හිටපු කඩවසම් ටේහ්‍යුන්ග්ගෙ බැල්මෙ තිබ්බෙ අමුතුම හැගීමක් !..හරියට හුගකාලෙක ඉදන්  මගහැරුනු වස්තුවක් තමන්ගෙ කරගන්න සතුට ඒ ආදරනීය ඇස් වලින් හොදටම පෙනුනා...

"කුකී!...

ටේහ්‍යුන්ග් දිහා ගල් වෙලා වගේ බලන් ඉන්න ජන්කුක්ට එයාගෙ අත අල්ලන් ඉන්න ජෝන් කතා කරද්දි කුකී ජෝන්ගෙ දිහා බැලුවෙ තාමත් කදුලු ගලන බෝල ඇස් දෙකකින්...

"අප්.පා..."

කුකී අමාරුවෙන් ජෝන් දිහා බලලා මිමිනුවේ ජෝන් ලස්සන හිනාවක් කුකී වෙනුවෙන් දෙද්දිය්..

"මගෙ මැණික අප්පට සමාවෙන්න ..ඔයාගෙ ජීවිතේ වැදගත්ම දවස ඔයාට නොකියම මේ විදිහට අරගන්න උන එකට...මේ දේවල් මෙහෙම අපි කරේ ඔයය් ටේහ්‍යුන්ග් පුතය් තවත් දෙපැත්තක ඉදන් දුක් විදිනවා බලන් ඉන්න බැරි නිසා මගෙ පුතේ....ඒ කොල්ලා උඹට පන ඇරල ආදරෙය් ..හැමදේම තේරුම් ගන්න පොඩ්ඩක් කල් ගියා ඒක ඇත්ත...දැන් ඒ අතීතෙ අමතක කරල අලුතෙන් ජීවිතේ පටන් ගන්න මගෙ රත්තරං ...අප්පගෙය් ඔම්මගෙය් ආශිර්වාදේ ඔය දෙන්නට හැමදාම තියෙනවා....

MY ROMEO (VKOOK)✔️Where stories live. Discover now