ෂිට් ෂිට් ෂිට්.!!!!!!!!ෆක් මූ සිරාවටම මෙතන ඉඳලානේ..... මොනාද යුවාන් උඹේ කටට බ්‍රේක් ඇත්තෙම නැහැනේ. දැන් හරිනේ පුකේ අමාරුව. මූව හැමතැනම පේන්න පටන් අරන් කියලා ඌ හිතනවා ඇති මං ඌව ඉමැජින් කරගෙන අතේ ගහනවා කියලා.
මෙතන හිටියොත් එහෙම මූ අනං මනං කියලා චාටර් කරයි. සුටුස් ගාලා මෙතනින් පැන ගන්න ඕනේ. මං ආදිගේ මූණ දිහාවත් බලන්නේ නැතුව ක්ෂණික නැගිටලා යන්න හදද්දි.
ආදි ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා මගේ අතින් ඇදලා අරන් ඩෙස්ක් එකට මාව හේත්තු කර ගත්තා.
ෆක්!!!!!!
ආදි ටික ටික මගේ ඇඟට බර වෙනවා. මගේ බැලන්ස් එකත් නැතුව යනවා මූ මේ කරන දේවල් වලට. කර කියා ගන්න දෙයක් නැති තැන මං ඩෙස්ක් එකෙන් අත් දෙක තියලා ඩෙස්ක් එකට බර උනා. ආදි මගේ මූණ ළඟටම ඇවිත්.
"උඹට මාව හැමතැනම පේන්න තරම් උඹ මං ගැන හිතනවා.??? එහෙමද.??"
"උඹ මට හැමතිස්සෙම ඇවිත් පව් දෙන නිසා තමයි මට උඹව හැමතැනම මැවිලා පෙන්නේ. නැත්තම් වෙන කෙහෙල්මලකට නෙවේ."
"ම්ම්.....ශුවර්ද.?"
"ඔව් ඔව්...ඇයි දැන් තමුසේ ආවේ.?"
"උඹව බලලා යන්න."
"ඒ කියන්නේ උඹටනේ මාව නොබලා ඉන්න බැරි."
"උඹ තමා ඒ තැනට මාව දැම්මේ."
"හහ්...... හරියට මං බලන්න කිව්වා වගේනේ තමුසේ කතා කරන්නේ. මොකටද ඉතින් මං දිහා බැලුවේ."
ආදි මගේ ඉන වටේ අතක් යවලා...
"ඔය ලස්සන අහංකාර ඇස් කරක කරක මට රවද්දි බලන්නේ නැතුව ඉන්න බැරි උනා."

YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...