Troubler part 28

1.2K 195 170
                                        


After one year

" ජන්කුක් සර් මේ තියෙන්නෙ ගිය මාස දෙකේම අභිරහස් විදියට මැරුණ ගෑණුළමයින්ගෙ විස්තර......"

" ම්... ගොඩක් හොදයි චූහි..."

තමන්ගෙ මේසෙ උඩ තියෙන කොරියාවෙ ප්‍රධාන අපරාධ විමර්ශන අංශයෙ officer.J.Jungkook කියල ගහල තියෙන බෝඩ් එක දිහා බලාගෙන ජන්කුක් හිටියෙ ලොකු කල්පනාවක...ඒත් එයාගෙ පාට්නර්...එහෙම නැත්නම්..., ජන්කුක්ට බාර වෙන කේස් වලදි ජන්කුක් එක්ක , ජන්කුක්ගෙ කණ්ඩායමේ එකට වැඩ කරන කෙනා තමයි මේ චූහි...නමුත් ජන්කුක්ගෙ දැහැනට බාධා කරල චූහි එතනට ආව නිසා ජන්කුක් හිටිය ලොකු කල්පනාවෙන් එලියට ආවෙ එයා මේ දවස් ටිකේ හැඩ්ල් කරන කේස් එක වෙනුවෙන් අවදානෙ දෙන්න...

" මරල දාල තියෙන හැම ගැහැනු කෙනෙක්ම කසාද බැදපු අයද චූහි....?"

චුහි ගෙනත් දුන්න ෆයිල් එක අවදානෙන් කියෝන ගමන් ජන්කුක් චූහිගෙන් ප්‍රශ්න කලා...දැනට මාස 2කට කලින් ඉදන් කොරියාවෙ එක දුශ්කර ගමක තරුණ ගැහැනු අතුරුදහන් වෙලා තියෙනව...ඒ වගේම දවස් ගානකට පස්සෙ ඒ නැති උන ගැහැණු අයගෙ මළසිරුරු පොලිස්සිය හොයාගෙන තියෙනව...ඒව ඒ වෙනකොටත් නරක් වෙලා... මේ වැඩේ මාස 2 ක් පුරාවටම වෙලත් ඒ ගමේ පොලිස්සියට මේ ගැන හොයා ගන්න ලැබිල නෑ.... නැති වෙන්නෙ ගැහැනු අය නිසාත් , අන්තිමට අහුවෙන්නෙ ඒ හැම කෙනෙකුගෙම මළසිරුරු නිසාත් ඉහළින් මේකෙ කොරියාවෙ අපරාධ විමර්ශන අංශයට බාර දුන්නා... දැනය සෝල් වල තියෙන කොරියාවෙ ප්‍රධාන අපරාධ විමර්ශන අංශයෙ ඉන්න හොදම officer තමයි ජන්කුක් .... ඉතින් අංශය බාර ප්‍රධානිය ඒ කේස් එල සම්පූර්ණයෙන් විසදල දාන්න කියල ජන්කුක්ට බාර දුන්නා...

" ඔව් සර්... මේ අයගෙන් සමහර අයට මාස 2 / 3 පුංචි ළමයි පවා ඉන්නව..."

" ම්ම්ම්..... තව මොනාද විස්තර...?"

බලල ඉවර කරපු ෆයිල් එක මේසෙ උඩින් තියන ගමන් ජන්කුක් තමන් ඉස්සරහ වාඩි වෙලා ඉන්න චූහි දිහාට හැරුනා... ජන්කුක්ගෙ ඔලුවෙ දැන් තියෙන්නෙම කොහොම හරි මේක විසදන්න ඕන කියන තැන..මොකද එහෙම නොවුනොත් ඒක නිසා ජන්කුක්ට ඉහළින් ලොකු ප්ලෙශර් එකක් එනව...

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑 ✅Where stories live. Discover now