22.

20K 1.4K 1.5K
                                        

මං දොර ළඟට යනකන්ම හිතින් හිත හිත ගියේ. ඒ ආදි වෙන්න එපා කියලා. මොකද මං ඌට කියන්න තියෙන පරුෂ වචන සියල්ලම කියලා බැන්නා. තාත්තා ගහන්න එද්දිවත් මේ තරම් බයක් දැනිලා නැහැ.

දොර ළඟට ඇවිල්ලත් මට මේ දොර අරින්න හිත දෙන්නේ නැහැනේ දෙයියනේ.
ඕනේ මඟුලක් කියලා ඇරියා දොර.........

ෂිට්ට්ට්ට්ට්!!!!!!!!!!!

ආදි උන්ගේ දොරකඩ ළඟට වෙලා උළුඅස්සට හේත්තුවක් දාගෙන ෆෝන් එකත් අතේ තියන් කින්ඩි හිනාවක් දාගෙන මං දිහා බලන් ඉන්නවා. නොවේවා කියලා ප්‍රර්ථනා කරපු එකමනේ වෙලා තියෙන්නේ දෙයියනේ.

තියෙන සැකේට මං එතන ඉඳන්ම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා. ඒත් එක්කම ආදිගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. මං ජීවත් වෙලත් තේරුමක් නැහැ කියලා මට එවෙලේ තේරුනා. මොකද මං ඌට නොකිව්ව අමන කතාවක් තියෙනවා නම් කියපල්ලා. උගේ අම්මටත් එක්ක බැන්නා.

තව තප්පරයවකත් මෙතන ඉන්න හොඳ නැහැ. මං ක්ෂණික ගේ ඇතුලට පැනලා දොර වහා ගත්තා.

නෑ නෑ ඒක වෙන්න බැහැ.

එහෙම කොහොමද මට මැසේජ් කරපු එකා ආදි වෙන්නේ.?

ඌ යකෝ!! ඌ මාර කැරියෙක්නේ....

මං මාත් එක්කම තනියම කියව කියව රූම් එකට ඇවිත් ඇඳෙන් ඉඳ ගත්තා.
මේ අහපන් සුද්දා උඹ උඹටම බැන ගන්න එකේ කිසි තේරුමක් නැහැ. ආදි උඹට නමක් ගමක් කිව්වේ නැහැනේ. අනික මට දිවැස් තියෙනවද දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවම ආ මූ තමයි මට මේ මැසේජ් දාලා තියෙන්නේ කියලා දැන ගන්න.

අනේ අම්මපා ඕකට ඔච්චරටම කියන්න බැරි උනාද මං ආදි කියලා. අච්චර අමු කුණුහරුපෙන් මං බනිද්දිවත් කිව්වේ නැහැනේ මේ මෝඩ යකා. හහ්..... මගේ අතේ කිසිම වැරද්දක් නැහැ. කොහෙවත් යන එකෙක් එක පාරට බබා පැටියෝ ගාද්දී නගිනවනේ ඉතින්.

ඔහොම පොඩ්ඩක් ඉඳපන්. ඌ මට බබා පැටියෝ කියලත් මැසේජ් කළා.
ඌ මට හිතලමද එහෙම කතා කළේ. නැත්තම් ආතල් එකටද? ඌ චැට් කළේ නම් ආතල් එකට වගේ.

හැබැයි අර තෙනුජයා ඔලුව ඉඹලා ගිය එකට නම් ඌට සිරාවටම මලපැනලා මං හිතන්නේ. ඒකනේ කෑ ගහගෙන ආවේ. හොඳ වෙලාවට අරූ එහෙම දෙයක් කරලා ගියේ. නැත්තම් මාව තව කොච්චරකල් අන්දන්න බලාගෙන හිටියද දන්නේ නැහැ තකතීරුවා.

-  ආදි  -Where stories live. Discover now