23.

17.6K 1.4K 1K
                                        


තාත්තා..!!!!!

මට ගහපු මිනිහා වෙන කව්රුත් නෙවේ මගේ තාත්තා. මගේ ජීවිතේ පළවෙනි වතාව මං තාත්තගෙන් ගුටි කාපු. අවුරුදු 18ක්‌ අවුරුදු 18ක්‌!!!! මේ වෙනකන් තාත්තා මට එකම එක පාරක්වත් අත උස්සලා නැහැ. කොච්චර සැර කළත්, කොච්චර බැන්නත්, තාත්තා කවදාවත් එක අතක් මගේ ඇඟට තියලා නැහැ. මගේ ජීවිතේ මට රිදෙන්නම වැදුන කම්මුල් පාර අද මට මගේම තාත්තගෙන් ලැබුනා. මට කම්මුලෙන් දැනෙන වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි.

යුවාන් මගේ දිහා බලාගෙනම ඉන්නවා උගේ ඇස් දිලිසෙනවා.

කදුළු??

නැහැ මෙච්චර දෙයක් කරපු ඌට මං වෙනුවෙන් කඳුලක් උනයි කියලා මට හිතන්න බැහැ. තවත් මෝඩයෙක් වෙන්න එපා ආදි. මං හිතාගෙන හිටිය දේ හරි හැඟීම් කියන දේ අපිව දුර්වල කරනවා. යුවාන් ගැන මට පොඩි හැඟීමක් හරි දැනුන නිසා මං දැන් දුර්වල වෙලා. හැඟීම් කියන දේ මිනිස්සුන්ව එක පාරට මරලා දැම්මේ නැති උනත්. ටිකෙන් ටික මරලා දානවා.

ආයේ නම් ඒ මෝඩ වැඩේ වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මං යුවාන්ගේ ඇස් දිහා බලාගෙනම එහෙම කල්පනා කරද්දී තාත්තා මගේ ෂර්ට් එකෙන් ඇදලා මාව එයා ළඟට ගත්තා.

"මොනාද ආදි තමුසේ මේ කරන්නේ.? මේවගේ පාරක් පාරක් ගානේ රණ්ඩු කරන්නද අපි මෙච්චර මහන්සි වෙලා උඹව උස්මහත් කළේ."

"තාත්තේ මුලි------"

"වහපන් කට මට කිසිම දෙයක් අහන්න දැන ගන්න අවශ්‍යතාවයක් නැහැ. තව තප්පරයකවත් මෙතන ඉන්නේ නැතුව ගෙදර යනවා."

"අංකල් අහන්නකෝ පොඩ්------"

"සහස් කරුණාකරලා මගේ යකා අවුස්ස ගන්නේ නැතුව මෙන්න මූවත් අරන් මෙතනින් යනවා."

-  ආදි  -Where stories live. Discover now