අනේ දෙවියනේ.!!! මගේ කොල්ලා මේක කොහොම දරා ගන්නවා ඇත්ද? තාත්තා නැති වෙනවා කියන එක මට නම් හිතලා බලන්නවත් බැහැ. දැන් ආදි මොන වගේ තත්වෙක ඇතිද? උගේ පපුව පුපුරලා යන්න තරම් රිදෙනවා ඇති....
ඒත්
ළඟට ගිහින් තුරුලට අරන් මං උඹට ඉන්නවා ආදි කියන්නවත් අයිතියක් නැහැ වගේ මට දැනෙන්නේ.....ඒ අයිතිය මට පොඩ්ඩක් හරි තියෙන්න ඇති, ඒත් මං ඒක නැති කරගෙන ඉවරයි.මට ආදි ළඟට යන්න ඕනේ. එයාට මං ඉන්නවා කියලා කියන්න ඕනේ. අවුල් වෙලා තියෙන එයාගේ ඔලුව තියා ගන්න මගේ උරහිස තියෙනවා කියලා එයාට දැනෙන්න දෙන්න ඕනේ. ඒත්...... මේ හැමදෙයක්ම උනේ මං නිසා නේද? ආදිගේ තාත්තා ආදිට ගැහුවේ මං නිසා..... ඒ හැම දෙයක් එක්ක බැලුවම ආදි මට ජීවිතේට සමාවක් දෙන එකක් නැහැ. මින් පස්සේ මාව එයාගේ තාත්තව එයාට නැති කරපු මිනීමරුවා විදිහටම පෙනෙයි.
නැහැ ඒත් මං එහෙම කිසි දෙයක් හිතුවේ නැහැ. මං මේ කිසි දෙයක් වෙන්න කියලා ප්‍රර්ථනා කළේවත් නැහැ. ජෙගන් මැසේජ් එක දානකන් හැම තප්පරේම මං ජීසස්ගෙන් ඉල්ලුවේ අංකල්ගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඒත් ඇයි!!!!? ඇයි මේ වගේ දෙයක් ඒ අහිංසක මනුස්සයට කළේ. ආදිට මේ වගේ දුකක් දුන්නේ ඇයි.?? මගේ කොල්ලට දරා ගන්න බැරි තරම් රිද්දන්නේ ඇයි??
අනේ ආදිට මේ නැතිවීම දරා ගන්න උදව් කරන්න දෙවියනේ.!! ඕනෑවට වඩා හිතන්න ගියාම මනුස්සයෙක් ඇතුලාන්තයෙන්ම මැරෙනවා ඊට පස්සේ හරි අමාරුයි එක හරි ගස්සන්න.!! ඒ වගේ දෙයක් ආදිට නම් සිද්ද වෙන්න ඉඩ තියන්න එපා. මගේ කොල්ලගේ සැනසීම උදුර ගන්න එපා දෙවියනේ.!
උඹට මං එක්ක කේන්ති ඇති..... ඒත් එක දෙයක් මතක තියා ගනින් මං සර්ව සම්පුර්ණ නැතුව ඇති.... ඒත් උඹට මාව ඕනේ හැම වෙලාවකම මං උඹ ළඟින් ඉන්නවා.
___________________________________________
ජයරත්න එකට කතා කරලා තාත්තගේ බොඩි එක එම්බාම් කරන්න බාර දුන්නා. උදේ 8 වගේ වෙද්දි බොඩි එක ගෙදරට ගේන්න පුළුවන් කියලා බොඩි එක අරන් යන්න ආපු කෙනෙක් කිව්වා.
කොච්චර වේදනා දුන්නත් මේ හැමදේම දරාගෙන කරන්නම වෙනවා. මොකද තාත්තට ඉන්නේ මං විතරයි. තාත්තගේ අවසන් කටයුතු කරන්න ඕනේ වැඩ ටික සේරම බලලා අවශ්‍ය අයට කතා කරලා අම්මත් එක්ක හොස්පිටල් එකෙන් එද්දි වෙලාව රෑ 11:30ට වගේ ඇති.

YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...