26.

17.6K 1.4K 1.4K
                                    


ආදිගේ තාත්තා නැතිවෙලා අදට දවස් හතරක් වෙනවා....... මේ ගෙවන දවස් හතරෙන් එක තප්පරයක්වත් ආදි මං දිහා බලන්න උත්සාහ කළේ නැහැ. ඌ කළේ එහෙම බලන්න උත්සාහ කරපු මාවත් මගඅරින එක.

මෙච්චර රිද්දන්න මං උඹට කරපු වැරැද්ද මොකක්ද ආදි? මට ඕනේ එක තප්පරේකට හරි උඹව තුරුලට අරන් මං උඹට ඉන්නවා කියන්න. ඇයි මට ඒකට අවස්ථාවක් දෙන්නේ නැත්තේ. උඹ ඔහොම නාස්ති වෙනවා මට බලාගෙන ඉන්න බැහැ. උඹ ඔහොම ඉන්නවා දකිද්දි මගේ පපුව දරා ගන්න බැරි තරම් රිදෙනවා ඕයි....

ආදි ඉස්කෝලේ එන්නේ නැහැ ක්ලාස් එන්නේ නැහැ. ආදිගේ අම්මත් පේන්න නැහැ. අපේ අම්මගෙන් ඇහුවම කිව්වේ සුදර්මා ඇන්ටිව ආදිගේ නැන්දලගේ ගෙදර යැව්වා කියලා. අම්මවත් යවලා මූ මෙහෙ කාලකන්නියෙක් වෙනවා.

මං කතා කරන්න ට්‍රයි කරන හැමවෙලේම ඌ කරන්නේ මාව මගඇරලා මගෙන් පැනලා යන එක. මේ තරම් දඬුවමක් ලබන්න මං කරපු වැරැද්ද මොකක්ද කියලා මං තාම කල්පනා කරනවා. මේ ප්‍රශ්න නිසා මගෙයි තෙනුජයගෙයිත් වැඩි කතා බහක් නැහැ. ඌ මාත් එක්ක කතා කරන්න එන හැමවෙල්ම මං වචනෙකින් දෙකකින් කතාව නතර කරලා දානවා.

ඒත් මට වෙලාවකට හිතෙනවා උගේ අතෙත් ඇති වැරැද්දක් නැහැ කියලා.... ඌ එදා ජෙගනට කළේ කැත වැඩක් උනාට, ආදිගේ තාත්තගේ මරණෙට ඌ වග කියන්න ඕනේ නැහැ. වෙන්න තියෙන දේවල් කොහොමත් සිද්ද වෙනවා. ඒකයි මේ ජීවිතේ හැටි. අපි අරන් ආපු කාලේ ඉවරයි නම් අපිට යන්නම සිද්ද වෙනවා. අපිට ඒකට කාටත් වැරැද්ද පටවන්න බැහැ. ඒත් ආදි මාව මග අරින එක මට දරා ගන්න අමාරුයි.

තෙනුජ දන්නවා මං ආදි ගැන වද වෙනවා කියලා. ඌ මේ දවස් ටිකේම මගෙන් අහනවා ආදි කතා කළාද.? උඹට ආදිට කතා කරන්න පුළුවන් උනාද.? මං ආදිට කතා කරන්නද? උඹ ඔහොම සයිඩ් ගහලා ඉන්නවා මට බලන් ඉන්න බැහැ බන්, ඉස්සර හිටිය සුද්දා මට ඕනේ, හැමදේටම හිනා වෙලා ආතල් එකේ හිටිය සුද්දව ආයෙත් මට ඕනේ, ඒ සුද්දව ආය ගෙනත් දෙන්න පුළුවන් ආදිට විතරයි කියලා මට දැන් තේරෙනවා කියලා තෙනුජ නිතරම කියනවා.

මං මගේ හිතින් තාම ප්‍රශ්න කරන්නේ මෙච්චර මගේ හිත රිද්දන්න පුළුවන් උඹට මං ආදරේ කරනවද කියලා.??

-  ආදි  -Where stories live. Discover now