අයුක උන්නේ කාමරේ එළියෙන් තිබුණු බැල්කනි එකට වෙලා ඔහේ අහස දිහා බලාගෙන.යුග්ම තාම නානකාමරේ..එළිවෙන්න තියෙන්නෙත් තව පැය කීපයයි.හෙටට බණ්ඩාරවෙල යෙදිලා තිබුණු වැඩ දෙකම කැන්සල් කල නිසා අයුකට නිවාඩු.යුග්ම කොහොමත් නිවාඩු දාලානේ උන්නේ.
" අයුක ඇතුලට එන්න.."
" හ්ම්..."
මහා පාන්දරත් නාලා උන්න යුග්ම දිහා යන්තම් බලපු අයුක ගිහින් ඇදේ වාඩි උනේ යුග්ම අයුක ඉන්නවා කියලවත් ගණන් නොගෙන ඉනට ඇදන් උන්න තුවාය කඩලා දාලා මන්ධීර්ගෙන් ඉල්ල ගත්තු sweat pant එක ඇද ගනිද්දි අයුක අහක බලා ගත්තා.
" දැන් ඔය මූණ බෙරිකරන් ඉන්න එක නවත්තනවා අයුක..දැන් සේරම ප්‍රශ්න ඉවරයිනේ.."
" යුග්ම..මං ඔයාට කෝපි එකක් හදන් එන්නද..ඔයා පාන්දර නාලානේ..?"
" එපා..පුළුවන් නම් මේ ඔලුව ටිකක් පිහලා දෙන්න.."
සුදු පාට ටවල් එකක් අරගෙන අයුක දිහාට ආපු යුග්ම ඒ ටවල් එක අයුක දිහාවට දිගු කරලා එතනම බිම ඉද ගත්තේ යුග්මගේ හැසිරීමත් එක්ක අයුකට පුදුමයක් දැනෙද්දි.
" යුග්ම..."
" හ්ම්..."
" අප්පච්චි පව් නේද..? එයාට දුක ඇති මොනවා උනත්..ඉස්කෝලේ කාලේ ඉදන් ආදරේ කල ගෑණි මෙහෙමයි කියලා දැන ගනිද්දි.."
" හ්ම්..එයා ඇඩුවා..ඒත් මං දන්නවා..අද එයා සැනසීමේ නිදා ගන්න ඇති.."
" පව් එයා.."
" කසාඳයක් හොයලා දෙමුද..?"
" අනේ මේ..එයාට ආයේ ගෑණු ඕනි නෑ.."
මෙච්චර වෙලා අයුක එයාගේ ඔලුව පිහිනකල් ඔහේ උන්නු යුග්ම බෙල්ල උස්සලා අයුක දිහා බැලුවේ අයුකගේ අත් දෙකෙන්ම අල්ලන් ඒ අත් පැත්තකට කරන ගමන් උනත් අයුක ආයෙම යුග්මගේ මූණ අනිත් පැත්ත හරවලා ඔලුව පිහිදන්න ගත්තේ නොරුස්සන ස්වරූපයෙන් එයාට ගෑණු ඕනි නෑ කියන ගමන්.
" එහෙනම් පිරිමියෙක්..?"
" පිස්සුද ඔයාට..එයා gay නෙවෙයි.."
" අපේ අම්මා වගේ එක්කෙනෙක් හොයලා දුන්නොත් එපා කියයිද..?"
අයුකට කේන්ති යනවා කියලා තේරුණු යුග්ම එයාව තව තව අවුස්සන්න දේවල් කියද්දි අයුකත් අපරාදේ කියන්න බෑ යුග්මට ඕනි විදිහටම ට්‍රිගර් වෙනවා.
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...