If our love is wrong ...(07)

967 170 63
                                    

කැන් පීට් එක්ක ලිෆ්ට් එකට නැග්ගේ ගෙදර යන්න, මොකද ෂමූන්ට තුවාල වුනු නිසා photoshoot එක නවත්තන්න වුනානේ..model කෙනෙක්ට එයාගේ මුහුන කොච්චර වැදගත්ද කියලා අමුතුවෙන් කියන්න ඕනී නෑනේ..කැන් පීට්ගෙ අත අත ඇරියෙම නෑ හයියෙන් අල්ලගෙන හිටියා.පීට් තාමත් හීනෙක ඉන්නවා වගෙයි පීට් ට දැනුනේ. කැන් එයාට ආදරෙයි කිවුවා විතරක් නෙමෙයි එයාව බදාගත්තත් එක්ක . මොකක්ද මේ වුනේ..පීට් ට ඕනි වුනෙත් ඒ දේම තමයි කැන් එයාට ලන් වෙයි කියලා පීට් ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා . අද ඒක සැබෑ වෙලා කැන් ට තවදුරටත් එයාවම රවට්ට ගන්න බැරි වුනා.කැන් එයා පීට් ට ආදරෙයි කියලා පිලිගත්තා..පීට් කැන් දිහා බලලා එයාගේ අත ටිකක් ගැසුවා . එයාගේ අත කැන් හයියෙන් අල්ලන් හිටිය නිසා අත පන නැති වෙයි කියලා බයටම වෙන්න ඇති..

"ඕ...ක්වාපායී..(සොරි) කැන් එහෙම කියලා පීට් ගෙ අත අතඇරියා..කැන් පීට් දිහා බැලුවේ නෑ කැන් පහලට යනකන් තට්ටු ගනන් කලා..පීට් ටනම් තවදුරටත් නිහඩ පිලිවෙතක් ඕනී වුනේ නෑ..ඒ නිසා පීට් කතා කරන්න ඕනී කියලා හිතුවා.

"Phi can ඔයා කිවුව දේවල් ඔයාට ආපහු අමතකයි කියලානම් කියන්න එපා මොකද ඔයා හිටියෙ අද නම් හොද සිහියෙන්..කැන් ට ඉතින් දැන් කට උත්තරත් නෑ. ඒ වෙලාවේ කැන්ට ගොඩක් කේන්ති ගියා ඒ විතරක් නෙමෙයි ෂමූන් පීට් ව එයාගෙන් හොරකන් කරයි කියලා ලොකු බයක් ආපූ නිසා කැන්ට එයාගෙ හැගීම් පාලනය කරගන්න බැරිව ඒ වෙලාවේ පීට් ට ආදරෙයි කියලා එයාව බදාගත්තත් කැන් හොද සිහියට ආවට පස්සේ එයාට ඒ කරපු දේ ගැන ටිකක් ලැජ්ජ හිතුනා ඉතින්..

"අ..ඔව්..මන් හොද සිහියෙන් තමයි හිටියේ දැන් සතුටුද ? දැන් කට වහගන්න යමු ගෙදර.

"Phi can මන් ආවේ ෂමූන් එක්ක . ඒ නිසා මන් phi ජේම්ස් එක්ක ස්ටාෆ් වෙහිකල් එකෙන් යන්නම්...

"නැ ඕනී නෑ මාත් එක්ක යමු . ඔයා ඉන්නෙ මගෙ ගෙට ඉස්සරහනේ . කැන් පීට් දිහා බැලුවා. පීට් අහක බලාගත්තේ කැන්ගේ දුෂ්ට ඇස් වලින් බේරෙන්න . කැන් පීට් දිහා බලන් ඉද්දි පීට් ට හරි අමුතු හැගීමක් ආවා..දැන් ඒ දෙන්නට දෙන්නා ආදරේ කරනවා..පීට් ආපහු කැන් දිහා බලලා කැන් එක්ක කතා කරන්න හිතාගෙන කට ඇරියා..

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now