මානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්... බැඩ්මින්ටන් ජාතික ශූරතාවෙට යන්නනම් රසායන විද්‍යාවට අඩුම 'බි' එකක් අරගෙන තාත්තට පෙන්වන්න ඕනී. තාත්තා සූදානම්කරපු රසායන විද්‍යාව පංතිය කරන්න එන්නේ මානස කියලා දන්නවානම් හිරුන් ප්‍රැක්ටිස් නවත්තගෙනහරි වෙන ක්ලාස්එකකට යනවා! ඒත් තාත්තගේ වචනවලට පිටින් යන්න හිරුන්ලගේ ගෙදර කවුරුත් හිතන්නෙවත්නෑ! මානස උත්තර දෙන්නබැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යනවිදිහට තරඟේ කෙසේවෙතත් මීනීමැරුමකට හිරේයන්න වෙන පාටකුයි තියෙන්නෙ කියලා පංති දෙකක්විතර කරද්දී හිරුන්ට හිතුනා.
31 parts