ඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්ය ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ . ඇතෑන්ස් කන්දෙ හරිත මිටියාවතේ සීතල හුලං එක්ක වැටෙන පිනි බිංදු නිසා ඔයා මාව තුරුල් කරන් ඒ සීතල නැති කරනවා මට විදින්න ඕනේ " තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං මින්දු " කියද්දි මට ඔය උණුහුම ඇතුලෙ තව තව සැනසෙන්න ඕනේ .. ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන මම ඔය උණුහුම ඇතුලෙ නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ ඉතිං ෆැන්ටසියත් රියැලිටියත් අතර දෝලනයක් . විශ්වාස කරනවද....තාමත් ලියෝන්ස්වරුන් සහ මොරානස්වරුන් හුස්ම ගන්නවනම්... මේ අවුරුදු දෙසියක පැරණි තවමත් හුස්ම ගන්නවා කියලා මනසට දැනුනු අතීතයක අසම්මතයAll Rights Reserved