Bulbz_D

සම්පූර්ණයෙන් අයින් වෙන්න කලින් inbox ටිකට රිප්ලයි කරන් යන්න මම try කරන්නෙ මේ.. මම ලේසියකට ඉන්බොක්ස් මැසේජස් බලන්නෙත් නැහැනෙ.... අද තමා බලන් ආවේ.....දැන් ඒ තියන අදහස්වලට මම සිවිලිමේ වැදිලා ඉන්නේ හොදද !!!
          	ඒ කොම උනත් මට රිප්ලයි කරගන්න බැ, ඉන්බොක්ස් එක දැනටම ස්ටක් වෙනවා... ✨️♥️ ඒ දුනාට , වචනෙකින් හරි ආදරේ පුරවපු හැමෝටම ස්තුතියි..
          	
          	අහ්, කැටපත් පවුරට මුකුත් වෙන්නෙ නෑ, ඔය හරිත නිම්නයේ මිනිස්සුන්ට ලියුම් ලියන ළමයි ඒවා කැමති හැටියකට ලියාගෙන යන්න... මගේ මැසේජ් බෝඩ් එක එච්චර ලස්ස්න තැනක් කලාට ගොඩක් තැන්ක් යු... මෙච්චර කල් කිව්වේ නෑ ඒ වුනාට,  පුදුම දක්ශයි ඔයාලා... හරි ලස්සනට ලියනවා.....අදිනවා.... සුපිරියටම එඩිට් කරනවා... !!!  ඉතින් කතාව කියවන අය මැසේජ් බෝඩ් එකෙ ලියුම් මිස් කරගන්නවා නම් අපරාදෙ ඔන්න !!!
          	
          	බල්බ්. ✨️
          	
          	
          	ප.ලි - ලියුම්වලට රිප්ලයි නැති වෙන්න පුළුවන් මේ දවස්වල අධික කාර්යබහුලත්වය නිසා.. ඒ වුනාට මම ඔය සේරම කියවලා පැයෙන් පැයට වගෙ මූඩ් ගහනවා....♥️
          	
          	

ilmiz_3

@Bulbz_D plz පුලුවන් වුන ගමන්  ඉක්මනට update  දෙන්න බල්බ් . මෙච්චර ලස්සන කතාවක් නිසා මන් කුතුහලයෙන් පිස්සු හැදිලා ඉන්නේ 
Reply

White_Heart2115

@Bulbz_D ඇත්ත..ආය වෙලාවක දාගෙන කියවන්න ඕන...  මේ මැසේජ් බොඩ් එක සෑහෙන්න මිස් වුනා අප්පා.. ඒක නම් හරි ආසාවෙන් ඒ වචන වල තියෙන හැගීම් ටික පුලුවන් විදිහකට කියවගෙන ගියේ...❤️
Reply

shwe_min

@Bulbz_D ඇත්තටම ඉන්බොක්ස් අයින් වෙන එක නම් මාර අපරාදයක් අක්කේ... මන් මේ අවුරුදු 3ක චැට්වල ss ගහනවා දෙයියනෙ
Reply

Asu_Gamage

කාලයක් තිබුනා මං මියුන්ගෙ ඇස් මොන පාට වෙයිද කියලා හිතපු ..  ටික දවසකට පස්සෙ ඒ හරිත ඇස් ගැන බල්බ් ඉදහිට ලියපු චුට්ටන් අකුරු පේලි දෙතුන් පාර කියවපු .. ඊටත් පස්සෙ කාලයක් ආවා කවදහරි ඒ හරිත ඇස් වෙන කාගෙ හරි අතකට ගිහින් අර ආදරේ පිරුණු රතු ඇස් අමතක කරයිදෝ කියලා බයෙන් කල් ගෙවපු..
          
          දෙතුන් පලකම තිබුණා වීෂ්   " පාට නොවුනට මොකෝ ඔය කලු පාට ඇස් උඹට ගැලපෙනවා කෑ නොගහා හිටපන් "  කියපු..
          
          ඔව් දැන් මං හිතන්නෙත් ඒ කලු පාට ඇස් තියේනම්  හොදයි කලින් තිබුණ විදිහට තිබුණු.. 
          
          _දුක හිතිලා හාටැටෑක් අල්ලන්න ඔන්න මෙන්න බූතයෙක්_

s_pexx_s

@Asu_Gamage අනේ හරිත ඇස්වලට රතු ඇස් අමතක වෙයිද ඒයි..
Reply

s_pexx_s

ඉතුරු බාගේ,
          නිල් ඇස් කුමාරයා..හැමෝම ඔයාට ඒම කිව්වට මං කැමති ඔයාට වින්ද් කියන්න. උත්තරීතර ඩ්‍රොමිඩා උරුමය!ඔයා කවදත් වෙනස් චරිතයක් වින්ද්. ඒත් රියැලිටියේ හැමෝම බලාපොරොත්තු වෙන ෆැන්ටසි ආදරේ අයිතිකාරයා ඔයා. මං හරි ආසයි වින්ද්වීෂ් බොන්ඩ් එකට ඒක් හරි ලස්සනයි ඇත්ත්ටම. ඒ වගේම ඔයා මියුන්ව වීෂ්ව පරිස්සම් කරන්න හදන විදිය..එක දැනෙන්නේ යාළුවෝ නැතුව අසරණ වෙලා ඉන්න මගේ හදවතට වින්ද්! මුලින් ඔයාලා ගහගත්තු විදියට මං හිතුවේ නෑ අන්තිම වෙද්දි වීෂ්ගේ හයිය ඔයා වෙන තැනට ඔයා පත් වෙයි කියලා ඒත් ඒක මාර ලස්සනයි වින්ද්❤️you deserve love මගේ කොල්ලො මං බලපොරොත්තු වෙනවා නිල් ඇස් කුමාරි එයාගේ නිල් ඇස් කුමාරයට ඉක්මනින්ම ආදරේ කරන්න ගනී කියලා...!
          හරිත ඇස් දෙක....ඔයා ගැන මොනවා කියන්නද මට තේරෙන් නෑ..ඇත්තම කතාව වීෂ් වින්ද් දෙන්නට තරම් මං ඔයාට ආදරේ නැතුව ඇති ඒත් මං ඔයාට ටිකක් හරි ආදරෙයි කොල්ලො(අර දෙන්නට වඩා චුට්ටයි අඩු හරිත?මූණ දෙක කරගන්න එපා පාහරයෝ ~_~). ඒත් ඔයා ගැන මෙතන ලියන්න තරම් වීෂ්ට ආදරේ කරන මගේ හිත නමාගන්න මට බෑ කොල්ලෝ. ඔයා ඒ තරම් එයාව රිද්දුවා ආඝර්ව!!ඒත් පිටු ඉවර නොවෙන ඔයාගේ පොතේ වීෂ්ගේ අන්තිම පිටුවට පස්සේ එකතු වෙන හැම පිටුවක්ම ඔයාට ඒකට දඩුවමක් වෙයි කියලා මගේ හිත කියනවා! එහෙව් එකේ මට බෑ ඔයාට නපුරු වෙන්න. ආයේ එන්න ආඝර්ව! වීෂ්ට ඔයාව ඕනේ❤️
          I love this RGB trio more than anyone else❤️
          
          මීට,
          සුදු අක්කා අප්ඩේට් එකක් දෙනකම් කම්මැළි හිතිලා ඉන්න තද දුඹුරු ඇස් තියෙන බූතයෙක්..
          
          ප.ලි. ලියුම ලිව්වට පස්සේ ලිව්වේ ඇයි කියලා හේතුවක් මතක් වෙන්නැති එකට කන්න හොද කෑමක් කියන්නකෝ T_T
          ඒ අස්සේ ලියුම දිග වැඩීලු හත්ත -_- 

s_pexx_s

@_elipwze_ ඔව් අප්පා දිග වැඩී ගානව මේක
Reply

s_pexx_s

@_elipwze_ වචන හරි බලවත්! තව මනුස්සයෙක්ව රිද්දන දෙයක් අනික් මනුස්සයෙක්ට නිවන දෙයක් වෙන්නත් පුළුවන්!
Reply

_elipwze_

@s_pexx_s ඇත්තමයි වින්ද්ගේයි විෂ්ගේයි තියෙන බොන්ඩ් එක ඉස්සරහා මගේ හදවත ආපහු fix කරන්න බැරි විදියට කැඩෙනවා කොච්චර මගේ හදවතට plaster ගහලා තිබ්බත් ඒ දෙන්නාගේ ඒ බොන්ඩ් එක ඇති ඒ හැමදේම අයින් කරලා මගේ හිත බර කරන්න එක මට එච්චර තදින් දැනෙන්නේ මන් යාළුවෝ නැතුව අසරණ වෙලා ඉන්න නිසා වෙන්න ඇති!!
Reply

s_pexx_s

මුල් බාගේ,
          Plot23...මේ අකුරු ඇතුළේ කවදහරි ලොකු කතාවක් ඇති කියලා මට නිකම්වත් හිතුන් නෑ කියවන්න ගන්නකොට. ඒත් ඒක වැරදි කියලා මුල් චැප් 10 යනකොටම මට තේරුනේ හිත ඇතුළින්ම මං වීෂ්ට ආදරේ කරනකොට. මං කවදාවත් කැමති නෑ අක්කා මේ කතාව ඉවර වෙනවට..මේ තියෙන්නේ මගේ comfort zone එක. මට දුක හිතුනම එපා උනාම තනි උනාම ආදරේ ඕන උනාම එක්කො මං කතාව මුල ඉදන් කියවනවා නැත්නම් මැසේජ් බෝර්ඩ් එක බලනවා. මට ඔයාට බනින්න හිතයි සුදු අක්කේ මෙච්චර ලස්සන කතාවක් මැව්වේ ඇයි කියලා!!!දැන් ඒක ඇතුලේ මාත් මැරි මැරි ඉපදෙනවා වීෂ් වින්ද් මියුන් දකිද්දි..
          මුල් චැපිවල මියුන්ගේ ආදරේ බරට දැනුනට වීෂ්ව දැනුනේ සෙල්ලක්කාර විදියට කිසි දෙයක් ගණන් නොගන්න කෙනෙක් විදියට ඒත් ටික දවසක් යනකොට වගකීම් කර උඩට එනකොට මියුන්ව පරිස්සම් කරන්න ඕන කියලා දැනෙනකොට වින්ද් එයාගෙන් හයියක් බලාපොරොත්තු වෙනවා කියලා දැනෙනකොට වේඝර්ණ උත්තරීතර උරුමය විදියට ඔයා වෙනස් උනු විදිය මට දරාගන්න අමාරුයි ඇත්තටම. මගේ කොල්ලගේ ඇස් ඇතුලේ තිබුණු රතු පාට මැකිලා යනකොට බලජාන දුර්වල වෙලා මනවිෂ එක්ක සටන් කරනකොට සත්තයි මට මරාගෙන යන්න හිතුනා හැමෝවම ඒත් මං අසරණයිනේ මගේ කොල්ලො..දෙයියනේ වීෂ් ඔයා ගැන කියන්න මට මේ වචන මදි. ඇත්ත ලෝකේ මනුස්සයෙක්ට වඩා මං ඔයාට හරි ආදරෙයි මගේ රතු ඇස් ළමයෝ..ඔයාගේ ආඝර්වගේ ආදරේ ඉස්සරහ මේක නිකම්ම නිකම් හිගන ආදරයක් විතරයි..ඒත් මට කියන්න ඕන අදටත් හෙටටත් මං ඔයාට හරි ආදරෙයි❤️.ස්තූතියි ඔයාට..හදවතට දාපු පැලැස්තර කොන් ගැලවිලා යන්න හදනකොට ඒවා ආයේ අලවන්න උදව් උන්නේ හරිත ඇස් වෙනුවෙන් ඔයාගේ තිබ්බ ආදරේ..❤️

NSYHJTJSYBTK

"සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
          නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
          ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
          නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
          දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
          ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී" 
          
          මීට,
          උබේ මැනික

_dolie_

එදා කියු කවි අදත් මතකයි
          සොදුරු සැන්දෑ යාමයේ
          කනට මිමිණූ මියුරු හැඟුමන්
          නොමැති ඇති ගං තීරයේ
          ගෙලට පා කල සිනිදු සුසුමන් 
          තවත් උණුසුම් වී හදේ
          එදා නොතැලු පෙති අද තලන්නට 
          කෙලෙස ඔය හිත රළු උනේ 
          
          දරා සෙනෙහස් නාමයෙන්, තවත් උහුලමි ආදරෙන්
          සීත දිය බිදු කඳු මුදුන් සිට, කඩා හැලෙනා ලෙසින්
          මරා දැමුවත් ඉදින් කම් නෑ, කෙසේ වෙන්නද තරහා මං
          නමුත් මට බය රිදෙන ඔය හිත සනසවන්නට, මම ලඟින් නැති වෙයි ඉතිං... 
          
          රිදෙව්වත් මගෙ සිරුරට
          රිදුන් නෑ ඒවා මට...
          කඩා පොඩි කර ගලේ ගැහුවත්
          තැලුන් නෑ මගෙ ගල් හිත...
          නමුත් හදවත සිදුරු කෙරුවා 
          නුඹේ ඔය හිස් ඇස් දෙක...
          දකින හැම වර සිහි වුනේ මට,
          හැඟුම් උතුරන නෙත් යුග... 
          මියෙන්නට හෝ නොහැකි නෑ මට,
          එක්වරක් දුටුවොත් එය!!! 
          
          ~රතු ඇස් අයිතිකාරයාගෙන් හැඟීම් මැරුනු හරිත ඇස් වලට~ 
          
          සදා නොමියෙන මතකයක් වෙන හරිත නිම්නයෙ මැවුම්කාරිට ආදරෙන්,
                       මම ඩෝලි. 

Jeami_tk

@_dolie_  රිදෙනවනෙ..❤️
Reply

_dolie_

@s_pexx_s මට දැනුනු හැටිය❤✨  ස්තූතියි ඔයාට!
Reply

s_pexx_s

@_dolie_ "නමුත් මට බය රිදෙන ඔය හිත සනසවන්නට,මම ළගින් නැතිවෙයි ඉතිං.."
            ගවීෂ්ගේ ආදරේ මාර ලස්සනට කියලා..❤️
Reply

NSYHJTJSYBTK

මියුන්, 
          
          "යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්
          සුවඳ සිහි කරයි මට නුඹව දැන්
          අපි දෙතැනක මතක එක තැනක
          හිත් උන්මන්තක ඇස් ආගන්තුක" 
          
          මීට,
          ඔයාගේ තිමෞර්ය

NSYHJTJSYBTK

මගේ චීස් පෆ්, 
          
          "මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට
          ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා
          ඒ මල් කවදා හරි පරවෙන බව
          ඉතින් මන් ආසම මල
          මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද?" 
          
          මීට,
          ඔයාගේ 

NSYHJTJSYBTK

(මන් මීට කියන තැනට දැම්මේ ගවීෂ් මියුන්ව සේව් කරන් ඉන්න විදිහ...)
Reply

s_pexx_s

@NSYHJTJSYBTK මන් හිතන්නේ මලත් කැමති දිගටම පිපිලා ඉන්න 
            ඒත්, මලක් පිපෙන්නෙම පරවෙන්න බලාගෙනනේ...❤️
Reply

Ayoni243

@NSYHJTJSYBTK  felt it hard ❤
Reply

NSYHJTJSYBTK

මගේ රතු ඇස් අයිතිකාරයට, 
          
          "දෑසින් ලියූ කවි පද පුරා
          බැඳි ආදරේ තේරුණා
          ඈතින් ඉඳන් සිහිනෙන් පවා
          නුඹෙ ලෝකයේ තනිවුණා
          හැඟුමන් පවා හිත කිති කවා
          සිටියා බලා නුඹෙ නෙත් දිහා
          පෙරුමන් පුරා හමු වූ මලේ
          හදසනසනා සුවඳයි ඔයා" 
          
          මීට,
          ඔයාගේ නිකන්ම නිකන් වැදගැම්මකට නැති කළු ඇස් අයිතිකාරයා